Loading...

Jayalath Dissanayaka

  • ලංකාවේ එළිමහන් සිරකරුවන්
  • බස් එනකම් ගස් යට
  • වැලිමඩ ගොවි ජනතාවගේ සුසුම: අතරමග නැවතුණු මාර්ග සංවර්ධනය

    වැලිමඩ ගොවි ජනතාවගේ සුසුම: අතරමග නැවතුණු මාර්ග සංවර්ධනය

    වැලිමඩ යන නම ඇසූ පමණින් කාගේත් මතකයට එන්නේ එළවලුයි. වැළිමඩ ප්‍රදේශය ගත්කල එහ ජීවත්වන ජනතාවගෙන් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් ජීවනෝපාය ලෙස කරනු ලබන්නේ ගොවිතැනයි. එම ගොවීන් තමන්ගේ වගාවන් නිසි පරිදි කරගෙන ඉන් හොද ලාභයක් උපයන්න නම් තමන්ට යටිතල පහසුකම් සැපිරීම අනිවාර්ය වනවා. එහිදී ප්‍රවාහනය ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බැවින් මාර්ග පද්ධතිය නිසියාකාරව තිබිය යුතුවීම අවිවාදයෙන් සදහන්…

  • පාලම හැදුවත් පාර නොමැතිකම නිසා පීඩාවට පත් ජනතාව

    පාලම හැදුවත් පාර නොමැතිකම නිසා පීඩාවට පත් ජනතාව

    පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කහටරුප්ප ඌරුමීතැන්න හරහා කොහොනාවල දක්වා මාර්ගයේ ලොග්ගල්ලා ඔය හරහා ඉදිකර ඇති පාලමෙන් වාහන ධාවනය නොවන තත්වයක් උද්ගතව ඇතැයි ජනතාව චෝදනා කරති. ඊට හේතුවී ඇත්තේ පාලම සකස් කෙරුනද පාලම දක්වා ඒමට ඇති මාර්ගය සහ පාලමෙන් එගොඩට වන්න ඇති මාර්ගය සාදා නොමැතිවීම බවයි ජනතාව පෙන්වා දෙන්නේ. විවිධ අවස්ථා වලදී මාර්ගය ප්‍රතිසංස්කරණය කරන…

  • ලී කොටයට පණ පොවන කලා කරුවා

    බදුල්ල දමන්වර ගම්මානයේ ජීවත්වන ජේ. එම්. පියසේන මහතා වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. චඩු කාර්මිකයෙක්වූ පියසේන මහතා බොහෝ විට ඇලුම් කලේ කලාත්මක ලීබඩු සැකසීමයි. ඒ අතර විහාරස්ථානවල දොර උලුවහු යනාදිය සැකසීම මූලිකවී තිබුණා. මේ අතරවාරයේදී 1987 වසරේදී බදුල්ල කුට්ටියගොල්ල ප්‍රදේශයේදී බස් බෝමබයකට හසුව තුවාලවී සිදුව තිබුණා. එහිදී පාදයකට තුවාල සිදුවී වසර දෙකක් පමණ එක්තැන්ව ඉදීමට සිදුව තිබේ.…

  • බොන වතුර වෙනුවෙනුත් සටන් කරන චෙල්සි වත්තේ ජනතාව

    බොන වතුර වෙනුවෙනුත් සටන් කරන චෙල්සි වත්තේ ජනතාව

    පැය විසිහතර පුරා ජලය ඉවතට ගලා යන ජල උල්පත් දෙකක් හා රුපියල් ලක්ෂ ගණනක් වැයකර ඉදිකර ඇති ගබඩා ටැංකි දෙකක්ද තිබියදී තමන් වසර ගණනාවක් තිස්සේ දැඩි පානීය ජල හිඟයකින් පීඩා විඳින බව ඇල්ල චෙල්සි වත්ත උඩ කොටසේ පදිංචි වතු කම්කරු ජනතාව පවසති. මෙම ගැටළුව උද්ගතව ඇත්තේ වසර ගණනාවකට පෙර මෙම වතු කම්කරු නිවාසවලට ජලය සැපයූ…

  • සංවර්ධනයට ගෙනත් දිරාපත් වෙන යන්ත්‍ර

    සංවර්ධනයට ගෙනත් දිරාපත් වෙන යන්ත්‍ර

    වාරිමාර්ග අමාත්‍යංශයට අනුබද්ධ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලය (CECB) මගින් 2019 වසරේදී බදුල්ලේ මාර්ගයක් කාපට් කර ප්‍රතිසංස්කරණ කටයුත්තකට ගෙනා කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර රැසක් මාර්ගය අසල දිරාපත් වෙන්නට හැර ඇති පුවතක් වාර්ථා වනවා. බදුල්ල දයා ගුණසේකර මාර්ගය කාලයක් තිස්සේ දැඩි ලෙස අබලන්ව තිබුණු මාර්ගයක්. මෙම මාර්ගය බදුල්ල නගරය මග හැර යාමට ඇති එකම විකල්ප මාර්ගය…

  • කොරෝනාවෙන් සමතල වුනු මල් වවන්නෝ

    කොරෝනාවෙන් සමතල වුනු මල් වවන්නෝ

    වසර කීපයකට පෙර ලොවම කැළඹූ කොරෝනා වසංගත තත්වයත් සමඟ ඇතිවූ ගැටළු හේතුවෙන් අඩපණව මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ කඩාවැටී ඇති හාලිඇල නෙළුව ප්‍රදේශයේ මල් වගා ව්‍යාපාරය යළි නගා සිටුවීමට උපකාර කරන්නැයි එම ව්‍යාපාරයේ නිරතවූ පිරිස් රජයෙන් හා අදාළ සෙසු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.   හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙළුව එනසල්බැද්ද, මාලිගාතැන්න, බටවල, පට්ටියගෙදර, අඹේවෙල, කටුගහ ඇතුළු…

  • හැටන් වලින් සුභාරංචියක්

    හැටන් වලින් සුභාරංචියක්

    Update : මිලියන 306.73ක මුදලක් වැයකරමින් 2020 වසරේදී වැඩ අවසන් කරන ලද හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල වසර හතරක් ගතව යන මේ මොහොත තෙක් ජනතාව වෙනුවෙන් විවෘත කර නොමැති පුවත 2024 අප්‍රේල් 4වන දින අප රටට අනාවරණය කලා.  හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත නොකිරීමෙන් මේ වන විටත් දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් අපහසුතාවයන්ට ලක්ව…

  • කොට උඩ යන සංචාරක දුම්රිය

    කොට උඩ යන සංචාරක දුම්රිය

    ශ්‍රී ලංකා සංචාරක කේෂ්ත්‍රයට අලුත් අත්දැකීමක් ලෙසින් දෙස් විදෙස් සංචාරකයින් සදහා විශේෂ අධි සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීම වෙනුවෙන් එළි දැක්වීමේ උත්සවයක් 2023 වසරේ ජනවාරි 27වන දින අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්සවශ්‍රීයෙන් ආරම්භ වුවද එම ව්‍යාපෘතිය තවමත් ක්‍රියාමක වී නොමැති බැව් අනාවරණය වෙයි.     මෙම අධි සුඛෝපභෝගී දුම්රිය සේවය සිලෝන් මිරැකල්…

  • හරි අපූරු ඉස්කෝලේ

    හරි අපූරු ඉස්කෝලේ

    බදුල්ල දිස්ත්‍රික්කයේ වැළිමඩ කලාපයේ ඌව පරණගම කොට්ඨාශයේ ලූණුවත්ත උඩපේරුව විද්‍යාලය කා අතරත් කථාකරන පාසැලක් බවට පත්ව තිබේ. ගහකොල තුරුලතා මැදිකොටගත් සුන්දර ස්ථානයක පිහිටා ඇති උඩපේරුව විද්‍යාලය කලා ගාරයක් සේ අලංකාර කොට තිබීම එයට හේතුවයි. වයි.එම්. පත්මසිරි යාපා මහතා මීට වසර 10කට පෙර මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පැමිණීමත් සමගින් විද්‍යාලයට නව ආලෝකයක් ලැබී ඇත. චිත්‍ර ගුරුවරයෙක්…

  • තරගෙට මුල්ගල් තැබූ මහදෝව

    තරගෙට මුල්ගල් තැබූ මහදෝව

    වතු ජනතාව වෙනුවෙන් නිරන්නතරයෙන්ම පෙනී සිටින විටෙකදී ලාමුතෙල් දමා ගිනි තබාගන්නට තැත් කරන, ජනතාවට සේවය කරන බවට වහසි බස් දොඩනා වතුකරයේ ජනතාවගේ ගැලවුම්කාරයින් බවට පෙන්වන දේශපාලකයින් දෙදෙනෙක් තරගෙට මුල්ගල් තැබූ මාවතක් අද ජනතාවට ගමන් කිරීමටවත් නොහැකි වන අන්දමට පත්ව ඇති බැව් එම ගම්මානවල ජනතාව පෙන්වා දෙනවා. එමෙන්ම තැබූ මුල්ගල් දෙක ගලවගෙන යන්න කියා අපි ඉල්ලනවා.…

  • හලාඹ පාලමත් අවසන්

    හලාඹ පාලමත් අවසන්

    හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් යා කරමින් ඌමා ඔය හරහා මීට වසර 105කට පෙර ඉදිකර ඇති අඩි 327ක දිගකින් සමන්විත හලාඹ යකඩ පාලමේ යොදා ඇති ලී දිරාපත්වී අබලන් තත්වයකට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. මේ වන විට පාලමේ ගමන් කිරීමද අවධානම් තත්වයකට පත්ව ඇති පසුබිමක කිසිදු බළධාරියෙකු මේ සම්බන්ධයෙන් සොයා නොබලන…

  • දේසපාලුවන්ට තහනම් වූ කොහොනාවල
  • නගරසභාවට ලැබුණු අපූරු තෑග්ග

    නගරසභාවට ලැබුණු අපූරු තෑග්ග

    බදුල්ල මහ නගර සභාවට තෑගි ඔප්පුවකින් පරිත්‍යාග කර තිබූ කෝටි ගණනාවක වටිනාකමකින් සමන්විත පර්චස් 3565ක ඉඩමක් (අක්කර 22, රූඩ් 01, පර්චස් 05)  වසර 28කට පසුව තෑගි ඔප්පුව අවලංගු කරමින් නගර සභාව සතුව පවතින ඉඩම අහිමි කිරීමට එවක හිටපු නගරාධිපතිවරයා වංචා සහගත අයුරින් කටයුතු කර ඇති බවට එවකට හිටපු ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා…

  • පාරවල් කාණු කරපු සංවර්ධන ව්‍යාපෘති

    පාරවල් කාණු කරපු සංවර්ධන ව්‍යාපෘති

    දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ( IRoad ) යටතේ ආරම්භ කෙරුණු බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ වීරියපුර බිෂොප් නිල නිවාස මාර්ගය දක්වා කොටස සංවර්ධනය කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ වූයේ වර්ෂ 2018 ජූලි මාසයේදීය. ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකම් මත මේ සඳහා ඇස්තමේන්තු ගතකොට තිබූ මුදල රුපියල් මිලියන 13.6 ක් විය.  ව්‍යාපෘතියට අනුව මෙම මාර්ගයේ සංවර්ධන…

  • ගවයින්ට හදපු සතිපොළ

    ගවයින්ට හදපු සතිපොළ

    බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව මැතිවරණ බල ප්‍රදේශයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ගැනෙන්නේ අඩු ආදායම්ලාභී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙසයි. වී ගොවිතැන වගේම හේන් ගොවිතැනත් එළවලු වගාව මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධානතම ජීවනෝපාය වන්නේය.  ගමනාගමන පහසුකම් අවම තත්වයක පවතින මෙම ප්‍රදේශයේ ජනතාවට තම බෝග වගාවන් අලෙවි කර ගැනීමට නොහැකිව බොහෝ අපහසුතාවයන්ට ලක්ව තිබුණු කාල වකවානුවකදී මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන්…

  • වැසිකිලි වලින් අඩුවක් නැති ස්ප්‍රිංවැලි

    වැසිකිලි වලින් අඩුවක් නැති ස්ප්‍රිංවැලි

    ජනතාවගේ යටිතල පහසුකම් සැපිරීම පළාත් පාලන ආයතනයක වගකීමක්. එම වගකීම් ඉටුකිරීමේදී එයින් ජනතාවට නිසි ප්‍රයෝජනයක් සැලසෙනවාද කියා සොයා බැලීමත් අනිවාර්යයෙන් කලයුත්තක්. එසේ සොයා බලා ඉදිකිරීම් නොකිරීමෙන් සිදුවන්නේ ව්‍යාපෘතිය සදහා වැයවූ මුදල් අපතේ යෑමක් පමණයි. එම අපතේ යන මුදලේ ප්‍රමාණයත් සුලුපටු නැහැ. ජනතාවට භාවිතයට ගත නොහැකි සහ ජනතාව නොගැවසෙන ස්ථානයක සිදුකර ඇති එවන්වූ ව්‍යපෘතියක් පිළිබදව හාලිඇල…

  • දර කරත්තයක රවුමක්

    දර කරත්තයක රවුමක්

    ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා සංස්කෘතික ව්‍යුහය තුළ කරත්ත ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති අතර එය දිවයිනේ පොහොසත් උරුමය සහ දක්ෂතාවය පිළිබඳ සාක්ෂි දරයි . ශ්‍රී ලංකාවේ කරත්තවල මූලාරම්භය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසත් ක්‍රිස්තු වර්ෂ 13 වැනි සියවසත් අතර සමෘද්ධිමත් වූ ඉපැරණි අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි දක්වා දිව යයි. මෙම ස්වර්ණමය යුගවලදී,…

  • ගම සමග පිළිසදර නාටකය (හ)මාරයි  ; වෙලංවිට ගම්මානය

    ගම සමග පිළිසදර නාටකය (හ)මාරයි ; වෙලංවිට ගම්මානය

    හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බදුල්ල දිස්ත්‍රික්කයේ එක් කොනකට වෙන්න පිහිටා තියෙන දුෂ්කරතා රැසකින් සමන්විත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්. මෙහි ජීවත්වන බොහෝ පිරිසකගේ ජීවනෝපාය බවට පත් වෙලා තිබෙන්නේ කෘෂිකර්මාන්තයයි. ඒ අතර වී, ගම්මිරිස්, කුරුදු, පොල්, එළවලු ඇතුලු කෘෂි භෝග රැසක් ඉතා සරුවට පලදරනවා. නමුත් ගම්මාන රැසක ඇති මාර්ග අපහසුතාවය, පානීය ජල අර්බුදය, විදුලිය නොමැතිකම, ප්‍රවාහන පහසුකම් නොමැතිවීම,…

  • කැලයකට බදු දුන්නු බැඩ්මින්ටන් පිටියක්

    කැලයකට බදු දුන්නු බැඩ්මින්ටන් පිටියක්

    මූලිකව රුපියල් ලක්ෂ 76ක මුදලක් වැයකරමින් ඉදිකරන්නට යෙදුණු බදුල්ල බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් අතරමග නතරවීමෙන් බොහෝ දුෂ්කරව බැඩ්මින්ටන් ක්‍රීඩාව කරගෙන යන ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු සුන්ව ඇතැයි එම ක්‍රීඩකයින් පෙන්වා දෙයි.  2019 ජනවාරි 23වන දින එවකට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ඇතුලු දේශපාලන අධිකාරිය මෙන්ම වත්මන් බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුලු…

  • පාරක් නැති පාලමක් බදුල්ලෙන්

    පාරක් නැති පාලමක් බදුල්ලෙන්

    ලක්ෂ 598ක මුදලක් වැය කරමින් බදුල්ල දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගයේ ස්ප්‍රිංවැලි ග්‍රාමීය රෝහල අසලින් ඉදිකර ඇති නව පාලම භාවිතයට ගත නොහැකිව මේ වන විට එය කැලෑවැදී ඇති අයුරක්ද දැකගත හැකි වෙයි. දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගයේ සංවර්ධන කටයුතු 2018 වසරේදී ආරම්භ කිරීමත් සමග 2019 වසරේදී ස්ප්‍රිංවැලි ග්‍රාමීය රෝහල අසල ඇති පැරණි  පාලම් අංක 13/6 ස්ථානයේ මෙම පාලමද ඉදිකිරීමට…

  • හැටන්  දුම්රිය ස්ථානයට වැදුණු බාලගිරි දෝෂය

    හැටන් දුම්රිය ස්ථානයට වැදුණු බාලගිරි දෝෂය

    රුපියල් මිලියන 306.73ක මුදලක් වැයකරමින් 2020 වසරේදී වැඩ අවසන් කරන ලද හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල වසර හතරකට ආසන්න කාලයක්  ගතව යන මේ මොහොත තෙක් ජනතාව වෙනුවෙන් තවමත් විවෘතකර නොමැති බැව් තොරතුරු දැනගැනීමේ පනතින් අනාවරණයවී තිබේ.  සිරීපාද සමය වෙනුවෙන් වර්ෂයේ මාස හයක කාලයක් විශාල සංචාරකයින් පිරිසක් භාවිතයට ගැනෙන හැටන් දුම්රිය ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත නොකිරීමෙන්…

  • පාළුවට ගිය මීගහකිවුල බස් නැවතුම්පළ

    පාළුවට ගිය මීගහකිවුල බස් නැවතුම්පළ

    බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල නගරයේ පැරණි බස් නැවතුම්පල වෙනුවට නව බස් නැවතුම්පලක් ඉදි වන්නේ කෝටි තිස් තුනකට වැඩි අතිවිශාල මුදලක් වැය කරමිණි. එවන් විශාල මුදලක් වැයකර මෙම බස් නැවතුම්පල ඉදිකොට වසර 7ක් ගතව ඇතත් තවමත් එය භාවිතයට ගෙන නොමැත. නව බස් නැවතුම්පලට පිවිසීමට මාර්ගයක් සැකසුනත් ඉන් පිටවීමට මාර්ගයක් සකසා නොමැතිවීම ඊට ප්‍රධාන හේතුව බවට ප්‍රදේශවාසීන් සදහන්…

  • වියැකී යන කුඹලා

    වියැකී යන කුඹලා

    හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගල්කන්ද ග්‍රාමයේ ජීවත්වන පවුල් ගණනාවක ප්‍රධානතම ජීවනෝපාය ලෙස කුඹල් කර්මාන්තයේ නිරතවන අතර මේ වන විට තම කර්මාන්තය එපා වන තත්වයකට පත්ව ඇතැයි ඔවුන් පෙන්වා දෙති. වසර ගණනාවක් තිස්සේ සිය පරම්පරාවෙන් පැවත එන මෙම කර්මාන්තය කරගෙන යෑමේදී විවිධ දුෂ්කරතාවන්ට තමන් මුහුන දෙන නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් තමන් දෙස නොබලන බවට ඔවුන්…

  • හදිස්සියකට වතුර ටිකක් නැති බදුල්ල

    හදිස්සියකට වතුර ටිකක් නැති බදුල්ල

    බදුල්ල නගරය තුල හදිසි ගිනි ගැනීමකදී ගිනි නිවීම් ඒකකයේ රථ වාහන සදහා ජලය ලබාගැනීමට නගරයේ පවතින ජලෝත්ගමන (Fire Hydrant) පද්ධති හයෙන් එක් පද්ධතියක් මාර්ග සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුත්තකදී වසා දමා ඇති බව 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතට අනුව හෙලිදරව්වී ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඌව) පියරත්න සමරතුංග මහතාගේ අත්සනින්…

  • මිලියන 260ක් නාය ගිය  වැළිමඩ – කෙරිදිමුල්ල මාර්ගය

    මිලියන 260ක් නාය ගිය වැළිමඩ – කෙරිදිමුල්ල මාර්ගය

    වැළිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැළිමඩ – කෙරිදිමුල්ල මාර්ගය සංවර්ධනය කිරීම අතහැර දැමීමෙන් ඒ සදහා වෙන්කෙරුණු රුපියල් මිලියන 260ක මුදල අපතේ ගොස් ඇතැයි එම ගම්මානයේ ජනතාව පෙන්වා දෙනවා. ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ප්‍රතිපාදන මත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 260 ක වියදමින් 2018 වසරේදී මෙම මාර්ගයේ කිලෝමීටර් 8 යි දශම 5 ක්  කාපට් අතුරා සංවර්ධනය…

  •  බදුල්ලේ හෘද රෝග  අසාධ්‍යයි

     බදුල්ලේ හෘද රෝග අසාධ්‍යයි

    2018 වසරේ ජූලි මස 11 වන දින ණය ගිවිසුමට අනුව යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපාදන මත සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද බදුල්ල ශික්ෂණ රෝහලේ දස මහල් හදිසි අනතුරු හා හෘද රෝග ඒකකය වසර පහ හමාරක පමණ කාලයක් ඉක්ම ගොස් ඇතත් තවමත් එය මහල් දෙකකට පමණක් සීමාවී තිබේ. එවකට සෞඛ්‍ය අමාත්‍ය රාජිත…

  • ගම්මුත් බය වෙන කලර් ලයිට් එක

    ගම්මුත් බය වෙන කලර් ලයිට් එක

    2021.08.06 වන දින වැඩ අවසන් කර මෙතෙක් ක්‍රියාත්මක නොවන බදුල්ල විහාරගොඩ මුතියංගණ විහාරස්ථානය ඉදිරිපිට ඇති රථවාහන ආලෝක සංඥා පුවරු වෙනුවෙන් දැරූ මුදල කිසිදු ප්‍රයෝජනයක් නොවන තත්වයකට පත්ව ඇති බව ජනතාව පෙන්වා දෙයි. සවුදි/ඔපෙක් ආධාර යටතේ බදුල්ල චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මෙම රථ වාහන ආලෝක සංඥා පුවරු ස්ථාපිත කෙරිණ. එය මාර්ග සංවර්ධන අධිකාරියේ මහනුවර…