හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් යා කරමින් ඌමා ඔය හරහා මීට වසර 105කට පෙර ඉදිකර ඇති අඩි 327ක දිගකින් සමන්විත හලාඹ යකඩ පාලමේ යොදා ඇති ලී දිරාපත්වී අබලන් තත්වයකට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. මේ වන විට පාලමේ ගමන් කිරීමද අවධානම් තත්වයකට පත්ව ඇති පසුබිමක කිසිදු බළධාරියෙකු මේ සම්බන්ධයෙන් සොයා නොබලන තත්වයකට පත්ව ඇති බවද ඔවුන් වැඩි දුරටත් පවසනවා.
හලාවත ප්‍රදේශයේ ඉදිකරන්නට යෙදුණු මෙම පාලම එකල සන්නිවේදනයේ තිබුණු අඩුපාඩුවක් හේතුවෙන් හලාඹ ප්‍රදේශයේ පාලම ඉදිකල බවට බොහෝ දෙනෙකු අතර මතවාද පැවතියද එය පුහු මතයක් බවට ඉතිහාසය පිළිබඳ දැනුමැති පුද්ගලයින් පවසනවා. එමෙන්ම 1919 අගොස්තු මාසයේදී රජයේ කර්මාන්ත ශාලාව විසින් මෙම පාලම ඉදිකර ඇති බවට පාලමේ එක් ස්ථානයක සටහනක්ද තබා තිබෙන අතර, ඒ තුලින් පාලමේ ඉදිකිරීම් නිශ්චිත කර තිබෙන බවක්ද පෙනී යයි. පාලම සාදා ඇති ආකාරය දෙස බලන විටද එසේ සිතිය නොහැකි බවත් පාලම කොටස් තුනකින් නිමකර ඇති ආකාරය දෙස බලන විට එය යම්කිසි ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය කිරීමක් වන්නට ඇතැයි ද විද්වතුන් පෙන්වා දෙති.
බදුල්ල සිට නුවර දක්වා එකල රජමාවත ලෙසට භාවිතා කල හැකි ලෙසට සුදු මහත්වරුන් තමන්ගේ ගමන් පහසුව සහ වෙළදාම් කටයුතු පිණිස මෙම පාලම ඉදිකරන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. වසර සියයකට එහා ඉතිහාසයක් ඇති මෙම පාලම අදටත් බොහෝ පිරිසකගේ ගමන් පහසුව සඳහා යොදා ගනී .
හාලිඇල සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ යා කරමින් උමා ඔය හරහා ඉදිව ඇති අද්විතීය නිර්මාණයක් ලෙසටයි හලාඹ යකඩ පාලම කා අතරත් ජනප්‍රියවී ඇත්තේ. විදෙස් සංචාරකයින් විශාල වශයෙන් මෙම පාලම නැරඹීමට පසුගිය කාලයේදී පැමිණි බවද ප්‍රදේශවාසීන් පවසනවා. මෙය ස්ථිරවම කරන ලද නිර්මාණයක් ලෙසටද ඒ තුලිනුත් පිලිගැනෙනා බවයි ප්‍රදේශවාසීන්ද සඳහන් කරන්නේ. කෙසේ වෙතත් දෙස් විදෙස් සංචාරකයින්ද පැමිණෙන ඉතා වටිනාකමකින් යුක්ත මෙම අති දැවැන්ත නිර්මාණය කිසිදු බළධාරියෙකුගේ අවධානයට ලක් නොවීම කණගාටුවට කරුණක් බවයි ජනතාව පවසන්නේ.
පාලමට යොදා ඇති ලී බොහෝමයක් දිරාපත්වී ඇති අතර පාලමේ කිසිදු නඩත්තුවක් සිදුව නොමැති අයුරුද දැකගත හැකිවනවා.
“පාලමේ ගමන් කිරීමට යොදා ඇති ලී බොහොමයක් ස්ථාන කිහිපයකින් දිරාපත් වෙලයි තියෙන්නේ. එම නිසා පාලමෙන් ගමන් කිරීම අවධානම් තත්වයකට පත්වෙලා. ගමේ අය විටින් විට හැකි පරිදි දිරාපත් ලී වෙනුවට තාවකාලික ලී දාලා හදාගන්නවා. නමුත් ඒවා වැඩිකල් තියෙන්නේ නැහැ. ඒ නිසා බළධාරීන් මේ ගැන සොයා බලලා නිසි වැඩ පිළිවෙලක් සකස් කර දෙන්න කියලයි ඉල්ලන්නේ. ඒ වගේම තමයි විදෙස් නෝනලා මහත්තුරු මේ පාලම බලන්න එනවා. මෙම ස්ථානය නිසි ලෙස සකස් කරලා දෙනවා නම් සංචාරක ප්‍රදේශයක් කරන්න පුලුවන්”
ගම්වාසීන් සදහන් කරනවා.
ඓතිහාසික හා සංචාරක වටිනාකමකින් යුක්ත මෙම ඉපැරණි පාලම ප්‍රතිසංස්කරණය කර එය මතු පරපුරටත් රැක ගැනීම අදාල බළධාරීන්ගේ යුතුකමක් නොවන්නේද?
Leave a Reply