lka
-

ගල්ගමුවේ ‘කාවන්තිස්ස’ ඇතාට කඩිනම් ප්‍රතිකාර ඇරඹෙයි
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ සෘජු මැදිහත්වීම යටතේ, පශු වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ගංගා මහත්මියගේ උපදෙස් මත මෙම ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙනවා.
-

ලීඩ්ස්හිදී එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට තියුණු ජයක්
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 100කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 14ක් සමඟින් වේගවත් ලකුණු 121ක් රැස්කළා.
-

ජානකී රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි – නාමල්ගෙනුත් ප්‍රකාශ සටහන් කරගැනීමට අවසර
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
-

මාධ්‍ය ආයතන 3ක ධවල මන්දිර ප්‍රවේශ තහනම වහාම ඉවත් කිරීමට නියෝග
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි නීතිමය ක්‍රියාපටිපාටියෙන් තොරව මෙම මාධ්‍ය තහනම පනවා ඇති බව පෙන්වා දෙන අධිකරණය, මාධ්‍ය නිදහස සුරැකෙන පරිදි අදාළ තහනම වහාම අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.
-

කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කරයි
පසුගිය 20 වනදා පෙරවරු 09.30ට ප්‍රකාශයට පත් කරන ලද අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනයයි මෙලෙස නැවතත් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත්තේ.
-

බත්තරමුල්ල පොල්දූව මංසන්දියෙන් පාර්ලිමේන්තු පාර වසා දමයි
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය මගින් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.
-

චීන ජනාධිපති ෂී ජින්පිංට ට්‍රම්ප්ගෙන් උණුසුම් පිළිගැනීමක්
මෙම සංචාරය සඳහා චීන ජනපති ආර්යාව වන පෙං ලීයුවාන්, විදේශ ඇමති වං යී මහතා ඇතුළු උසස් රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් එක්ව සිටිනවා.
-

විදුලි බිලට සහන දෙන්න රුපියල් මිලියන 17,000කට වැඩි පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
ඒ අනුව මෙම ප්‍රතිපාදන මාරු කිරීම විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
-

“ප්රජාතන්ත්රවාදය වනසන 22 එපා” සමගි ජන බලවේගයේ විරෝධතාව අද බත්තරමුල්ලේදී
මේ අතර ‘ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය’ අද පැවැත්වෙන මෙම විරෝධතාවයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.
-

22 වන සංශෝධනය ගැන විවාදය අද
අදාළ පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
-

සූර්ය බලශක්ති ක්ෂේත්රයේ අර්බුදය ගැන ජාතික වාණිජ මණ්ඩලයෙන් ජනාධිපතිට ලිපියක්
ශ්‍රී ලංකාවේ වහල මත සූර්ය බලශක්ති ක්ෂේත්රයට එල්ල වී ඇති දැඩි බලපෑම් පිළිබඳව දැනුම්වත් කරමින්, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
-

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නැවත රක්ෂිත බන්ධනාගාරයට
අධිකරණ නියෝගයෙන් අනතුරුව ඔහු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
-

එංගලන්තයට පළමු එක්දින තරගයෙන් ලකුණු 89ක විශිෂ්ඨ ජයක්
එංගලන්ත ඉනිම වෙනුවෙන් හැරී බෘක් ලකුණු 67ක් සහ විල් ජැක්ස් ලකුණු 46ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සචින්දු කොළඹගේ කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.
-

සමාගම් 6ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ දේපොළ සහ වත්කම් තහනම් කරමින් මහ බැංකුවෙන් තහනම් නියෝග
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමාගම් 6ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ සියලුම දේපොළ මෙන්ම අනෙකුත් වත්කම් පැවරීම, විකිණීම හෝ වෙනත් කිසිදු අයුරකින් ගනුදෙනු කිරීම තහනම් කරමින් විශේෂ තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.
-

හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරය තුළදී පහරදීලා – තුවාල ලැබූ පද්මේ වැලිකඩ රෝහලට
කෙසේ වෙතත් පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිසර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බව පොලීසිය ප්‍රකාශ කළා.
-

පාස්කු ප්‍රහාර නඩුවේ ඓතිහාසික තීන්දුව නිකුත් වෙයි – නවුෆර් මවුලවී ඇතුළු 15කට වසර 200 පැනපූ දීර්ඝ බරපතළ සිරදඬුවම්
එමෙන්ම අදාළ නඩුවේ 10 වන විත්තිකරු එක් චෝදනාවකින් පමණක් නිදොස් කොට නිදහස් කෙරුණු අතර, සෙසු විත්තිකරුවන් 9 දෙනා චෝදනා සියල්ලෙන්ම සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කිරීමටයි විනිසුරු මඩුල්ල තීරණය කළේ.
-

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් බේරා ගැනීමට රජයෙන් පියවර රැසක්
අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සිදුවීම වාර්තා වූ දිනයේ සිටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහ විදේශීය දූත මණ්ඩල උපයෝගී කරගනිමින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම් සිදු කරමින් පවතින බවයි.
-

ක්‍රිකට් ප්රතිසංවිධාන පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
2026 ජූනි මස 8 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට මීට පෙර අනුමැතිය හිමිව තිබුණා.
-

පාස්කු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ – විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් වෙයි
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කරමින් සිටිනවා.
-

අමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට “Trump TV” රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් අරඹයි
ජනාධිපතිවරයාගේ ප්‍රකාශ පැය 24 පුරා සජීවීව විකාශය කෙරෙන මෙම ස්ට්‍රීමිං (Streaming) නාලිකාව හරහා, ට්‍රම්ප් පාලනාධිකාරියෙන් සෘජුවම ලබාදෙන වඩාත්ම වැදගත් පුවත් පමණක් ජනතාව වෙත සමීප කරන බවයි ධවල මන්දිරය ප්‍රකාශ කරන්නේ.
-

22 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පවැත්වීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.
-

ඉරාන විදේශ අමාත්‍යවරයා එ. ජා මහා මණ්ඩල වාරයට නිව්යෝර්ක් නුවරට එයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි මහතා ප්රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ළඟා වී තිබෙනවා.
-

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද පාර්ලිමේන්තුවට
මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන 24 සහ 25 යන දෙදින තුළ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
-

පාස්කු නඩු තීන්දුව අද – අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට විශේෂ පොලිස් ආරක්ෂාවක්
ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම අනියුක්ත කර ඇති බවයි වාර්තා වන්නේ.
-

හෙට සහ 23 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ වෙනස් වෙයි
ලබන සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තු කටයුතුවල වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
-

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් බේරාගන්න ජනාධිපතිගෙන් විශේෂ මැදිහත්වීමක්
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දඬුවම් නියමවී සිටින තරුණයාගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීයි.
-

පාස්කු ප්‍රහාරයේ නඩුවේ තීන්දුව හෙට
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම දීර්ඝ නඩු විභාගය පැවැත්වුණා.
-

වැඩිම වැස්ස මාලිබොඩට – ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි
එමෙන්ම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට ආසන්න තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
-

දක්ෂිණ අධිවේගියේ බස් රථ දෙකක් සහ කාර් 6ක් එකිනෙක ගැටෙයි – 10කට තුවාලයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර ප්‍රදේශයේදී බස් රථ, මෝටර් රථ ඇතුළු වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් බරපතල රිය අනතුරක් සිදුව තිබෙනවා.
-

තෙල් මිල සංශෝධනයේදී ජනතාවට සහනයක් දෙනවා – ජනාධිපති
අද (20) අකුරැස්සේ පැවැති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
-

සෝලර් පාරිභෝගිකයින්ට අනුර කරුණාතිලකගෙන් සුබ පුවතක්
දහවල් කාලයේදී උත්පාදනය වන සූර්ය බලශක්තිය විදුලි ඉල්ලුමට වඩා වැඩිවීම හේතුවෙන් මෙලෙස ජාතික පද්ධතියට විදුලිය එකතු කිරීමේ සීමාවන් පැනවීමට සිදුවූ බව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
-

වැස්ස ආයෙත් රටම කළඹයි – දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු අඟවයි
ඒ අනුව නුවරඑළිය, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.
-

නාලිකා 3කට ධවල මන්දිරයෙන් තහනමක්
ලොව ප්‍රමුඛතම මාධ්‍ය ආයතන තුනක් වන CNN, MS NOW සහ Politico යන නාලිකාවලට ධවල මන්දිර පරිශ්‍රයට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
-

සෞදියේ මරණ දඬුවමට නියම වූ ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් හදිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍යයි – අලි සබ්රි
අදාළ ප්‍රකාශය නිකුත් කර මිනිත්තු කිහිපයක් ඇතුළත එය ඉවත් කර ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වීඩියෝ පටයක් මගින් සමාව අයැද සිටීමටත් අනෝජන් කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
-

මාධ්‍යවේදීන්ට ආපදා වාර්තාකරණය ගැන විශේෂ පුහුණුවක්
දිවයින පුරා විහිදී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් මෙන්ම ප්‍රධාන මාධ්‍ය ආයතනවල ප්රවෘත්ති අංශ ප්‍රධානීන් රැසක් ඊට එක්ව සිටියා.
-

නාමල් රාජපක්ෂ ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමට අදාළ නියෝගය ද එදින ප්‍රකාශයට පත්කරන බව අධිකරණය සඳහන් කළා.
-

නාමල් අධිකරණයට
ඒ මහතාට එරෙහිව පවතින අල්ලස් චෝදනා නඩුවකට අදාළව බන්ධනාගාර නිලධාරීන් විසින් මෙලෙස අධිකරණය හමුවට රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.
-

ඩොලර් මිලියන 100ක් පිටරට පැටවූ බැංකු නිලධාරීන්ට මහාධිකරණයේ අධි චෝදනා
ව්‍යාජ සමාගම් 89ක් මෙහෙයවමින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් මෙලෙස රටින් පිටකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
-

එංගලන්තයට එරෙහි T20 දෙවැනි තරගයත් ශ්‍රී ලංකාව පරදී
මේ සමගින් තරග 3කින් සමන්විත T20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්තයට හැකියාව ලැබුණා.
-

ලංකාවේ පළමු බැටරි බලශක්ති ගබඩාව සහ “දියජනනි” පාවෙන සූර්ය බල පද්ධතිය අද ජනතා අයිතියට
මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නංවමින් විදුලි පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ස්ථාපනය කළ ශ්‍රී ලංකාවේ පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) අද (18) අනුරාධපුරයේදී ජනතා අයිතියට පත් කෙරෙනවා.


































