පාර්ලිමේන්තුව අද (03) සිට ලබන 06 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කරනවා.
අද දිනයේදී 1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත්, ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම පිළිබඳ යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාව අනුමැතිය සඳහා සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඊට අමතරව, අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනඑනු ලබන මැදපෙරදිග පවතින යුදමය වාතාවරණයෙන් මෙරටට සිදුව ඇති බලපෑම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ අතර, කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙන ලද විශ්වාසභංග යෝජනාවේ අන්තර්ගත ඇතැම් කරුණු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ප්‍රකාරව සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත්, එලෙස සංශෝධිත යෝජනාවක් නැවත ඉදිරිපත් වී නොමැති බැවින් පෙර තීරණය කර තිබූ පරිදි අදාළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම අද දිනයේදී සිදුනොවන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.







Leave a Reply