යාපනය – මන්නාරම මාර්ගයේ පුනරින් විදුහල ආසන්නයේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ පරීක්ෂාවකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
අදාල මාර්ගයේ පොලිස් නිලධාරීන් විසින් මාර්ග බාධක රාජකාරිවල නිරතව සිටියදී ධාවනය වූ සැකකටයුතු යතුරුපැදි දෙකකට නවත්වන ලෙස සංඥා කර ඇත.
එම අවස්ථාවේදී එක් යතුරුපැදිකරුවෙකු තමන් සන්තකයේ තිබූ පාර්සලයක් එම ස්ථානයේ අතහැර දමා යතුරුපැදි දෙකම නොනවත්වා ධාවනය කර පලාගොස් ඇති බව වාර්තා වනවා.
එලෙස අතහැර දමා ගිය පාර්සලය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී, එහි තිබූ කුඩා පාර්සල් 14ක් තුළ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 340ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 62ක් සොයාගෙන තිබෙනවා.
අතහැර දමා පලාගිය සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පුනරීන් පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.








Leave a Reply