ක්‍රිෂ් (Krrish) ගනුදෙනුවට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
නාමල් රාජපක්ෂ මහතාගේ මව්පියන් දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරුන් ඉකුත්දා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර, අල්ලස් කොමිසම ඊට විරෝධය පළ කර තිබුණා.
කොළඹ, ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ පිහිටි ඉඩමක් ඉන්දියානු ක්‍රිෂ් සමාගම වෙත බහුකාර්ය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබා ගත් බවට වූ චෝදනාව මත නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් භාරයේ පසුවුණා.







Leave a Reply