රෙගුලාසිවලට පටහැණිව මෙරටට රැගෙන ආ බවට චෝදනා කරමින් කටයුතු කළ ඩ්‍රෝන යානා 39 සහ මයික්‍රොපෝන් 16 කටුනායක ගුවන්තොටුපොළ රේගුව භාරයට ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, සිය පවුලේ පෞද්ගලික ව්‍යාපාර කටයුත්තක් සඳහා මෙම ඩ්‍රෝන යානා සහ මයික්‍රොපෝන් තොගය මෙරටට රැගෙන ආ බවයි.
එහිදී එම උපකරණ රැගෙන ඒම සඳහා අවශ්‍ය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ද තමන් සතුව පවතින බව මන්ත්‍රීවරයා සඳහන් කළා.
කෙසේ වෙතත්, අදාළ ඩ්‍රෝන යානා තොගය නිදහස් කර ගැනීමට අවශ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ (MOD) නිසි අනුමැතිය තමන් සතුව නොතිබූ බව ද නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පිළිගනු ලැබුවා.







Leave a Reply