Loading...

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට සංශෝධන ගෙන එන බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.

අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව දැනුම් දුන් නීතිපතිවරයා, එම යෝජිත සංශෝධන ඇතුළත් ලේඛනයක් ද අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 26ක් විසින් පෙත්සම් ගොනු කර තිබුණා.

එම පෙත්සම් විභාගය අද දිනයේත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ යළි ආරම්භ වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *