ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයේ නියෝජිතයින්ට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව, පක්ෂ අභ්‍යන්තර නිලවරණයක් පැවැත්වීම ඇතුළු අවශ්‍ය නිර්ණායක සපුරාලීමෙන් පසුව, පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීම සඳහා යළි ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස කොමිසම දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය වන පාර්ශ්ව කිහිපයක ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගෙන්වා ගනිමින් කොමිසම විසින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එම අවස්ථාවට දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වයක පසුවන බැවින්, පවතින නීතිමය පසුබිම හමුවේ මැතිවරණයකට නාමයෝජනා භාරදීමේ හැකියාවක් ද එම පක්ෂයට නොමැත.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, වහාම පක්ෂ නිලවරණය පවත්වා නීත්‍යනුකූල නිලධාරී මණ්ඩලය පත්කරගැනීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදු කළ යුතු බවයි.





Leave a Reply