Loading...

රක්ෂිත බන්ධනාගාරගත වූ කොටවිල කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ වැඩ තහනම්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මාතර සහ හම්බන්තොට දිසාභාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ මහතා විසින් මෙම වැඩ තහනම් කිරීමේ නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත වන පොලිස් නිලධාරීන්ට අදාළව ක්‍රියාත්මක වන පොලිස් දෙපාර්තමේන්තු රීති සහ චක්‍රලේඛවලට ප්‍රකාරව මෙම පියවර ගෙන ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *