Loading...

රුවන්වැලි මහා සෑය අසල නොසන්සුන්තාවට දෙදෙනෙකු අත්අඩංගුවට

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසලදී පොලිසිය සහ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව තහවුරු කළා.

අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව අද (07) දිනයේදී මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණා.

සත්‍යග්‍රහයේ නිරත වූ භික්ෂූන් වහන්සේ ඇතුළු ඊට සහාය පළ කළ සිවිල් පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.

පසුව එය දෙපිරිස අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *