2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වූ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව NSO පෞද්ගලික ආයතනය අවධාරණය කරනවා.
අද (05) පැවැති 2026 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදී NSO ආයතනය විසින් මෙම කරුණු දැනුම් දී තිබෙනවා.
මෙරට ජලාශවල දැනට පවතින ජල සංචිත මට්ටම් සහ එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වයන් යටතේ පුරෝකථනය කර ඇති සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ වර්ෂාපතනය පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.







Leave a Reply