Loading...

හරි අපූරු ඉස්කෝලේ

බදුල්ල දිස්ත්‍රික්කයේ වැළිමඩ කලාපයේ ඌව පරණගම කොට්ඨාශයේ ලූණුවත්ත උඩපේරුව විද්‍යාලය කා අතරත් කථාකරන පාසැලක් බවට පත්ව තිබේ. ගහකොල තුරුලතා මැදිකොටගත් සුන්දර ස්ථානයක පිහිටා ඇති උඩපේරුව විද්‍යාලය කලා ගාරයක් සේ අලංකාර කොට තිබීම එයට හේතුවයි.

වයි.එම්. පත්මසිරි යාපා මහතා මීට වසර 10කට පෙර මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පැමිණීමත් සමගින් විද්‍යාලයට නව ආලෝකයක් ලැබී ඇත. චිත්‍ර ගුරුවරයෙක් ලෙස වසර 25ක තම පළපුරුද්ද සහ චිත්‍ර කලාවට තිබුණු ආසාව මෙම විද්‍යාලයට මහත් ආශිර්වාදයක්වී තිබේ.

දරු දැරියන් 144ක් අකුරු කරනා ගුරුවර ගුරුවරියන් 28ක් දෙනෙකුගෙන් සිප් සතර බෙදාදෙන මෙම උඩපේරුව විද්‍යාලය ඌව පරණගමට ඇති පැරණිතම විද්‍යාලය බවට සදහන් වනවා. එලෙස විද්‍යාලය පැරණි බව කියවෙන සෙල් ලිපියක් අදටත් විද්‍යාලය භූමියේ පවතිනවා. විද්‍යාලයට චිත්‍ර ගුරුවරයෙක් නොමැති වුවද එහි අඩුව මෙම පාසැල තුලින් දකින්නට ලැබෙන්නේ නැහැ. විද්‍යාලයට පිවිසෙන ස්ථානයේ සිට ගොඩනැගිලිවල බිත්ති මත වගේම අනෙකුත් ස්ථාන චිත්‍ර මූර්ති කැටයම් ආදියෙන් අලංකාර කර තිබේ.  තම අතින් මුදල් වියදම් කරමින් තමන්ගේ පාසැල අලංකාර කරනා මෙම විදුහල්පතිවරයාගේ ක්‍රියාදාමය අන් අයටත් පාඩම් රැසක් කියාදෙන්නක්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *