ජනතාවගේ යටිතල පහසුකම් සැපිරීම පළාත් පාලන ආයතනයක වගකීමක්. එම වගකීම් ඉටුකිරීමේදී එයින් ජනතාවට නිසි ප්‍රයෝජනයක් සැලසෙනවාද කියා සොයා බැලීමත් අනිවාර්යයෙන් කලයුත්තක්. එසේ සොයා බලා ඉදිකිරීම් නොකිරීමෙන් සිදුවන්නේ ව්‍යාපෘතිය සදහා වැයවූ මුදල් අපතේ යෑමක් පමණයි. එම අපතේ යන මුදලේ ප්‍රමාණයත් සුලුපටු නැහැ.
ජනතාවට භාවිතයට ගත නොහැකි සහ ජනතාව නොගැවසෙන ස්ථානයක සිදුකර ඇති එවන්වූ ව්‍යපෘතියක් පිළිබදව හාලිඇල ස්ප්‍රිංවැලි ප්‍රදේශයෙන් වාර්ථා වනවා. මෙම ව්‍යාපෘතියත් ඇත්තේ පසුගියදා අප හෙලිදරව් කල ආන්දෝලනාත්මක පාලම් ව්‍යාපෘතියක් ඇති ස්ප්‍රිංවැලි ප්‍රදේශයේම වීම කැපී පෙණෙන සිද්ධියක්.
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම ස්ප්‍රිංවැලි නගරයේ ජනතාවගේ පහසුව සදහා
එවකට අග්‍රාමාත්‍ය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව රට හදන සෞභාග්‍යයේ දැක්ම තේමාව යටතේ එතුමන්ගේ උපදෙස් මත රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන දැයක් නගන සියක් නගර ජාතික වැඩසටහන යටතේ හාලිඇල ස්ප්‍රිංවැලි නගර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ බස් නැවතුම්පලක්, සනීපාරක්ෂක පහසුකම් (වැසිකිළියක්) සූරිය බලශක්ති වීදි පහන් පද්ධතියක් ආදිය ඉදිකිරීමේ කටයුතු 2021.11.14 වන දින ආරම්භ කර තිබේ.
ඉන් අනතුරුව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ ආරාධනයෙන් ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ සුරතින් 2022.03.19 වන දින මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කර ඇත.
ඒ සදහා වැයව ඇති මුදල රුපියල් මිලියන දාහතයි දශම හතරයි හතක්. (17.47) හාලිඇල ප්‍රාදේශීය සභාවේ සහයෝගය ඇතිව නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම ඉදිකිරීම් සිදුකර ඇත.
මෙම ඉදිකිරීම සිදුකර වසර දෙක හමාරක පමණ කාලයක් ඉක්ම යන මේ මොහොත වන විට එය කිසිදු පුද්ගලයෙකු පරිහරණය නොකරන තත්වයකට පත්ව ඇත. ජනතාවගේ පරිහරණයට සෑදූ වැසිකිළිය අද ඉබි යතුරු දමා වසා ඇත. බස් නැවතුම්පල මේ වන විට මත් ලෝලීන්ගේ තිප්පොලක් බවට පත්ව ඇති බව ජනතාව පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්රදේශවාසියෙක්
“බස් නැවතුම්පල වගේම වැසිකිළිය ඉදිකලේ ස්ප්‍රිංවැලි නගරයට මදක් ඈතින්. බස් නැවතුම්පලට ජනතාව යන්නේ නැහැ. මොකද බස් නවත්වන්නේ නගරය මැදයි. ඉතින් බස් නවත්තන්නේ නැති ස්ථානයක බස් නැවතුම්පලක් හැදුවට වැඩක් නැහැ ජනතාව යන්නේ නැත්නම්. ඒ වගේම තමයි ස්ප්‍රිංවැලි කියන්නේ ජනාකීර්ණ නගරයක් නෙවෙයි. ගම්මාන කිහිපයකට පිවිසෙන ප්‍රධාන ස්ථානයක් විතරයි. මෙතන හදපු වැසිකිළිය කිසිම වැඩකට නැති ව්‍යාපෘතියක්. ගෙදර පෙනී පෙනී ඔතනට ඇවිත් තමන්ගේ කටයුත්ත කරලා සල්ලි දෙන්න මිනිස්සුන්ට පිස්සු නැහැ.
මෙම ස්ථානය විවෘත කල දවස් වල හාලිඇල ප්‍රාදේශීය සභාවේ සේවකයෙක් යොදවලා හිටියා. අන්තිමේ එම සේවකයත් දැන් එන්නේ නැහැ. ඇයි ඉතින් වැසිකිළයට යන්න කිසි කෙනෙක් එන්නේ නැතිකොට ආදායමක් කොහෙන්ද. ඉතින් ඒ නිසා එම සේවකයත් නවත්තලා දාන්න ඇති.
දැන් තියෙන ගැටලුව ඊට වැඩියි. මෙම ස්ථානය රාත්‍රී කාලයට විවිධ අපචාර වලට යොදාගන්නවා. මත්ද්‍රව්‍ය වගේම මත්පැන් පානය කරන්න යොදාගන්නා ස්ථානයක් බවට මෙම ස්ථානය පත්වෙලා”
ස්ප්‍රිංවැලි, බැද්දේගම, මේමලේ, නල්ලමලේ, පුදුමාලේ ආදී ගම් සදහා ස්ප්‍රිංවැලි මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලයේ බස්රථ 4ක් සහ පුද්ගලික බස් රථ 4ක් ධාවනය වෙයි. මෙම ගම්මානවල බොහෝ ජනතාවක් තම තමන්ගේ දෛනික කටයුතු සදහා පැමිණෙන්නේ බදුල්ල නගරයට බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එම හේතුව නිසාම බොහෝ ජනතාවකගේ ගමනාන්තය තම තමන්ගේ ගම්බිම් වන නිසාත් මෙම බස්නැවතුම්පල භාවිතයට නොගැනෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම මෙම ව්‍යාපෘතියේ තවත් තටයුත්තක් ලෙස සූර්ය බලශක්තියෙන් වීදි පහන් ඉදිකලද එහි කිසිදු නඩත්තුවක් නොවීමෙන් එම වීදි පහන්ද අක්‍රියව ඇතැයි ජනතාව පෙන්වා දෙයි.
“මෙම ස්ප්‍රිංවැලි නගර මධ්‍යයේ ඔවැනි ආකාරයේ තවත් වැසිකිළියක් මීට වසර ගණනාවකට පෙරත් ඉදිකර තිබෙනවා. එයත් අද කැලෑවට ගොස් තිබෙනවා. මට තේරෙන්නේ නැත්තේ මොකටද මේ ස්ප්රිංවැල්ලට මෙතරම් වැසිකිළිම හදන්නේ කියලයි. මීට වඩා කරන්න වැඩ ඕන තරම් තිබෙනවා. ගමට හරිහැටි පානීය ජලය නැහැ. ඒවගේ දෙයකට මේ මුදල් යොදවලා තිබුණා නම් ඊට වැඩිය හොදයි.
දැන් ඉතින් වැසිකිළිය වෙන කිසිම දෙයකට යොදාගන්නත් බැහැ. මෙවන් ව්‍යාපෘති කරන්න කලින් ඒ පිළිබදව මීට වඩා සොයා බැලුවා නම් අද මෙවන් තත්වයක් වෙන්නේ නැහැ. අඩුම තරමින් මෙම මුදල් ස්ප්‍රිංවැලි ගමට පිවිසෙන ස්ථානයේ තියෙන පැරණි පාලම ප්‍රතිසංස්කරණය කලා නම් එය කාලෝචිත ව්‍යාපෘතියක් වනවා”
යනුවෙන් තවත් ගම්වැදියෙක් අදහස් දක්වමින් කියා සිටියා.
කෙසේ වෙතත් රුපියල් මිලියන දාහතකට වැඩි මුදලක් වියදම් කරමින් ඉදිකෙරුණු තවත් අසාර්ථක ව්‍යාපෘතියක් ලෙසින් හාලිඇල ස්ප්‍රිංවැලි නගරයෙන් වාර්ථා පොත් අතරට ගිහින් අවසානයි. ඉතින් මෙවන් අසාර්ථක ව්‍යාපෘති තව තවත් වන්නට මත්තෙන් ඒවා පිළිබදව නිසි අධීක්ෂණයක් කර ව්‍යාපෘති ආරම්භ කරන්නේ නම් මෙවන් වූ මුදල් නාස්තීන් ඉදිරියේදී සිදු නොවනු ඇති.
සටහන – ජයලත් දිසානායක
Leave a Reply