Loading...

ලී කොටයට පණ පොවන කලා කරුවා

බදුල්ල දමන්වර ගම්මානයේ ජීවත්වන ජේ. එම්. පියසේන මහතා වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. චඩු කාර්මිකයෙක්වූ පියසේන මහතා බොහෝ විට ඇලුම් කලේ කලාත්මක ලීබඩු සැකසීමයි. ඒ අතර විහාරස්ථානවල දොර උලුවහු යනාදිය සැකසීම මූලිකවී තිබුණා.

මේ අතරවාරයේදී 1987 වසරේදී බදුල්ල කුට්ටියගොල්ල ප්‍රදේශයේදී බස් බෝමබයකට හසුව තුවාලවී සිදුව තිබුණා. එහිදී පාදයකට තුවාල සිදුවී වසර දෙකක් පමණ එක්තැන්ව ඉදීමට සිදුව තිබේ. එම සිදුවීමත් එක්කම තමන් කරගෙන ආ වඩු කර්මාන්තය නවතා දැමූ බව පියසේන මහතා පවසනවා.

නමුත් තමන් මූර්ති කලාවට ඇලුම් කරනා නිසාම බුද්ධ ප්‍රතිමා නිර්මාණයට එළඹුණු බවත් මීට වසර දොලහකට පමණ ඉහතදී මේ ආකාරයෙන් බුද්ධ ප්‍රතිමා ඇඹීම ආරම්භ කල බවත් පියසේන මහතා පවසනවා.

එම නිර්මාණ කිසිම මුදලක් බලාපොරොත්තුවකින් නොකල බවත් තමන්ගේ නිර්මාණ වෙනුවෙන් සම්මාන පවා ලැබුණු බවත් පවසනවා.

තමන් කරනා නිර්මාණ කිසිම ආකාරයක කොපියක් නොවන බවත් තමන්ට ආවේණිකවූ නිර්මාණයක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. 

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම නිර්මාණයට ගන්නා ලී කොටය එකිනෙකට අලවා නොමැති වීම වගේම එය තනි ලී කොටයක් වීමයි. 

බදුල්ල දමන්වර පුස්සැල්ගොල්ල ශ්‍රී සුදර්ශණාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද ලුණුගල නන්දසාර හිමියන් පියසේන මහතාගේ කලා කටයුතු පිළිබදව අදහස් දක්වන ලදි.

මේ ඒ පිළිබද දිගහැරුම …….


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *