Loading...

වියැකී යන කුඹලා

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගල්කන්ද ග්‍රාමයේ ජීවත්වන පවුල් ගණනාවක ප්‍රධානතම ජීවනෝපාය ලෙස කුඹල් කර්මාන්තයේ නිරතවන අතර මේ වන විට තම කර්මාන්තය එපා වන තත්වයකට පත්ව ඇතැයි ඔවුන් පෙන්වා දෙති.

වසර ගණනාවක් තිස්සේ සිය පරම්පරාවෙන් පැවත එන මෙම කර්මාන්තය කරගෙන යෑමේදී විවිධ දුෂ්කරතාවන්ට තමන් මුහුන දෙන නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් තමන් දෙස නොබලන බවට ඔවුන් චෝදනා කරනවා.

තම ගම්මානයේ විශාල පවුල් ගණනාවක් මෙම කුඹල් කර්මාන්තයේ නියැලුනද මේ වන විට පවුල් 16ක් වැනි පිරිසක් පමණ මෙම කර්මාන්තයේ නියැලෙන බවත්,  මේ වන විට අමුද්‍රව්‍යවල මිල ඉතා සීග්‍රයෙන් වැඩි වී ඇති බවත්, මැටි ප්‍රවාහනයේදී බලපත්‍ර ප්‍රමාදයෙන්ද තමන් අසීරුතාවයකට පත්ව ඇති බව ගම්මුන් පවසති.

එමෙන්ම තමන් මහන්සිවී වියදම් කරමින් සාදන ලද වලං වලට නිසි මිලක් නොමැති බව පෙන්වා දෙන කර්මාන්තකරුවන් පවසන්නේ මේ ගෙවී යන්නේ මෙම වලං කර්මාන්තයේ අවසන් පරමපරාව විය හැකි බවයි.

එම නිසා වලං නිෂ්පාදනයේ සිට විකිණීම දක්වා රජය හෝ මැදිහත්ව මෙම කර්මාන්තය ආරක්ෂා කර දෙන ලෙස ඔවුන් අදාළ බළධාරීන්ගෙන් ඉල්ලා සිටී.

සටහන – ජයලත් දිසානායක


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *