News
-

BREAKING – මේ සතියේ සිට බදාදා නිවාඩුව අවලංගු වෙයි
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසන්නේ ලබන 8 වන බදාදා සිට නව තීරණය ක්‍රියාත්මක වන බවයි.
-

-

ඉරාන යුද්ධයට සටන් විරාමයක්?
එම සටන් විරාමය අද (06) දින සිට ආරම්භ වීමේ අවස්ථාවක් ද ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.
-

උණුසුම් කාලගුණය ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
මෙම නිවේදනය අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත් සමඟ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව සඳහන්.
-

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට එම මණ්ඩලය පියවර ගනු ලැබුවා.
-

බය වෙන්න එපා අප්‍රේල් තෙල් නැව් 9ක් එනවා – අමාත්‍ය විජිත හේරත්
මැදපෙරදිග යුද්ධය ආරම්භ වීම සමඟ ඇති වූ බලශක්ති අර්බුදය රජය විසින් මේ වන විට කළමනාකරණය කර ඇති බවද ඔහු සඳහන් කළා.
-

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණා.
-

ලිට්රෝ ගෑස් මිල ඉහළට
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 308කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1910කි.
-

ලෝක වාර්තාවක් අලුත් කරපු ඉරානයේ අන්තර්ජාල විසන්ධිය
මෙම තත්ත්වය සමඟ ඉරාන වැසියන්ට බාහිර ලෝකය සමඟ සන්නිවේදනය කිරීමේ අවස්ථාව සම්පුර්ණයෙන්ම අඩපණ වී තිබෙනවා.
-

10වනදාට පෙර වත්කම් බැරකම් ලබාදෙන්න – මහින්දට අල්ලස් කොමිසම දැනුම් දෙයි
එම කොමිසම සඳහන් කරන්නේ දූෂණ විරෝධී පනත යටතේ කොමිසමට පැවරී ඇති බලතල අනුව මෙම නොතීසි නිකුත් කර ඇති බවයි.
-

පොහොර නැවක් අද දිවයිනට
පවතින ගෝලීය තත්ත්වය හමුවේ මතුව ඇති පොහොර ගැටළුව රජයට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
-

ඉන්ධන පිරවුම්හල් හිමියන් හෙට CPC ඉදිරිපිට නිහඬ විරෝධයක
ඇනවුම් කරන ලද ඩීසල් සහ පෙට්‍රල් නියමිත අයුරින් ලබා නොදීම තුළ ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේ දී දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇති බවද එම සංගමය සඳහන් කරනවා.
-

රුසියාවේ ප්‍රහාරයකින් යුක්රේනයේ පුද්ගලයින් 5 දෙනෙක් මරුට
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 21 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
-

ඉරානයට තියෙන්නේ තව පැය 48යි – ඩොනල්ඩ් ට්‍රම්ප්
ඒ සඳහා තමන් ඉරානයට දින 10ක් ලබාදුන් බවද එම සටහනෙන් පෙන්වා දෙනවා.
-
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා සියයට 96ක් අයදුම් කරයි
විනිවිදභාවයකින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන මෙම අනුයුක්ත කිරීම් හරහා දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.
-

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව ගැන ගත් විශේෂ තීරණය
ඒ අනුව සෙසු දිස්ත්‍රික්කවල එම මණ්ඩලයේ යටතේ පවතින බවුසර් රථ කොළඹට රැගෙන ඒමට මේ වන විටත් පියවර ගෙන ඇති බව සඳහන්.
-

අමෙරිකානු A-10 යානයකටත් ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ (03) බිමහෙළු F 15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ගමන් ගත් යානයක් බවට තොරතුරු වාර්තා වනවා.
-

වෛද්‍යවරුන් අදත් දීප ව්‍යාප්ත වර්ජනයක
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ වැඩ වර්ජනය අවසන් කරන කාලසීමාව සම්බන්ධව අද (04) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේ දී තීරණය කරන බවයි.
-

සඳට ගිය ගඟනගාමීන් ලබාගත් පෘථිවියේ නවතම ඡායාරූපය
යානයේ ගමන් කරන ගඟනගාමීන් සිය පළමු දින අවසානයේ අත්දැකීම් හුවමාරු කර ගැනීමට වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය හා සම්බන්ධ වී තිබුණා.
-

කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් නිසා පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට මහජන විරෝධය
එහිදී ගැටලුව සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට විරෝධතාකරුවන් කටයුතු කළ අවස්ථාවේ එය ගැටළුවක් නොවන අයුරින් ඉදි කරන බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
-

ට්‍රම්ප්ගෙන් ඉරානයට දරුණු අනතුරු ඇඟවීමක්
ඔහු එම සටහනෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමෙරිකානු හමුදාව මේ දක්වා ලොව සිටින ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම හමුදාව වන බවයි.
-

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර නව හවුල්කාරී රාමුවක්
ලෝක බැංකුව සමඟ දශක ගණනාවක් පුරා පැවැති සහයෝගීතාව මෙම ගමනට ශක්තියක් වන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
-

කොළඹ දිස්ත්‍රික්කයේ ජල කප්පාදුව සිදුවෙන්නේ මෙන්න මෙහෙමයි
කෙසේ නමුත් ජල කප්පාදුව සිදු නොවන දිනවල අඛණ්ඩව ජල සැපයීමක් ලබාදීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.
-

ඔරියන් යානයේ අලුත්ම තත්ත්වය ගැන තොරතුරු මෙන්න
මෙය වසර 50කට වැඩි කාලයකට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන මිනිස් මෙහෙයුම ලෙස සැලකෙනවා.
-

තට්ටු නිවාසවල උඩ මහල්වලට ජලය අහිමි වෙයිද? රටම හොයපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න
ජල මුලාශ්රවල පවතින අවදානමක් ඇති බවත් කලටුවාව ජලාශයේ දැනට පවතින නිෂ්පාදන ධාරිතාවෙන්ම ජලය ලබා දුන්නොත් එය ප්‍රමාණවත් වන්නේ දින 20කට පමණක් බවත්ය.
-

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසිනි.
-

ඉරානය සාකච්ඡාවලට එන්නේ නැත්නම් වෙන දේ ගැන ට්‍රම්ප් හෙළි කරයි
එම කාර්යය නිමා කිරීමට ඉතා සුළු කාලයක් යන බවද ට්‍රම්ප් සඳහන් කරනවා.
-

ඉන්දුනීසියාවේ භූකම්පාවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
මේ අතර නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් ඇති වූ භූමිකම්පාවෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.
-

ජයකොඩිට එරෙහි විශ්වාසභංගය දා ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන්ට කොළඹ ඉන්න කියලා
විශ්වාසභංග යෝජනාව ලබන 10 වනදා විවාදයට ගැනීමට නියමිතයි.
-

කටාර් වෙරළට ඔබ්බෙන් වූ තෙල් නෞකාවකට ප්‍රහාරයක්
නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමක් වැනි කිසිඳු පාරිසරික හානියක් සිදුව නොමැති බව බලධාරීන් පවසනවා.
-

දික්ඕවිටට ගෙන ආ ධීවර යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 300කට අධික ප්‍රමාණයක් සොයා ගනී
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 6000ක් පමණ බවද නාවික හමුදාව පවසනවා.
-

රුසියා ගුවන් හමුදාවේ යානයක් කඩා වැටී පුද්ගලයින් 29ක් මරුට
ඊයේ (31) දිනයේ දී මොස්කව් වේලාවෙන් සවස 6ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.
-

බලශක්ති අරපිරිමැස්ම අස්සේ වෙසක් පොසොන් උත්සවලට මොකක් වෙයිද?
ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
-

අමාත්‍යවරුන්ගේ ඉන්ධන කෝටාව ගැන ගත් තීන්දුව
මෙම තීන්දුවට සමගාමීව අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් ද සිය ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගෙන ඇති බව සඳහන්.
-

විශ්‍රාමික ග්‍රාම නිලධාරියෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
පසුව ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව වාර්තා වනවා.
-

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ඉහළට
ඊට අමතරව ප්ලේන්ටියක සහ කිරි තේ එකක මිලද රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා.
-

කුවේටයේ තෙල් නෞකාවකට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේටය පවසන්නේ මෙම ප්‍රහාරයෙන් නෞකාවට යම් හානියක් සිදුව ඇති බවයි.
-

දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනය ඇරඹේ
එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ අද (31) පෙරවරු 8 සිට මෙම වැඩ වර්ජනය දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල ආරම්භ කරන බවයි.
-

සරත් ගණේගොඩ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වෙයි
මෙම ඉල්ලා අස්වීම 2026 මාර්තු 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරිපත් කර ඇති බව සඳහන්.
-

ජාතික පද්ධතියේ ස්ථායීතාව සුරැකීමට සූර්ය පැනල තාවකාලිකව අක්‍රිය කරන්න.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, කැලණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පවසන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ සූර්යාලෝකය අධික වන අතර, කර්මාන්තශාලා හා කාර්යාල වැසී තිබීම නිසා විදුලි ඉල්ලුම අඩු වීම ජාතික විදුලි පද්ධතියේ ස්ථායීතාවයට බරපතල අවදානමක් ඇති කර ඇති බවයි.
































