Loading...

කොකේන් ළඟ තබාගත් ජනප්‍රිය නළු විශ්ව කොඩිකාරට දඩ

කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් ජනප්‍රිය නළු විශ්ව කොඩිකාරට රුපියල් පන්සියයක (රු. 5,000) දඩයක් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද (17) නියෝග කළා.

වැල්ලවත්ත පොලිසියට ඊයේ (16) රාත්‍රියේ ලද තොරතුරකට අනුව වෙරළ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක කළ වැටලීමකදී විශ්ව කොඩිකාර ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විශ්ව කොඩිකාර සන්තකයේ කොකේන් මිලිග්‍රෑම් 1050ක් තිබී සොයාගත් බව වැල්ලවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

සැකකරුවන් අද (17) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විශ්ව කොඩිකාර මහතා අදාළ වරද පිළිගෙන තිබෙනවා.

නැවතත් මෙවැනි වරදක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණියහොත් සෘජුවම පුනරුත්ථාපනය සඳහා යොමු කරන බවට මහේස්ත්‍රාත්වරිය මෙහිදී විශ්ව කොඩිකාර ඇතුළු සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *