දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු (APIT) අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
අදාළ තීරණයට එරෙහිව මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.






Leave a Reply