Loading...

මට්ටක්කුලිය මාරක අනතුර සිදුකළ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

මට්ටක්කුලිය, ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ රියදුරා ගංජා භාවිත කර සිටි බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි මෙම මෝටර් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්, මාර්ගයේ තිබූ ත්‍රීරෝද රථ 3ක සහ යතුරුපැදි 4ක ගැටී මෙම බිහිසුණු අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් තිදෙනෙකුම මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest