Loading...

නාමල් අධිකරණයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ මහතාට එරෙහිව පවතින අල්ලස් චෝදනා නඩුවකට අදාළව බන්ධනාගාර නිලධාරීන් විසින් මෙලෙස අධිකරණය හමුවට රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

එයාර් බස් (Airbus) ගුවන්යානා මිලදී ගැනීමේ සිදුවීමට අදාළව ඇමෙරිකානු ඩොලර් 800,000ක (ලක්ෂ 8ක) අල්ලස් මුදලක් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පසුගියදා නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඒ මහතා අද (18) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *