පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන්නමක් අනුරාධපුර සත්‍යග්‍රහය සිදු කරමින් සිටි ස්ථානයේ අද (11) පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
අනුරාධපුර පූජා භූමි නව සංවර්ධන සැලැස්මට විරෝධය පළ කරමින් සහ එය ඉවත් කර ගන්නා ලෙස බල කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් රුවන්වැලිසෑය අභියස දන්සල් භූමියේ පසුගිය 07 වැනිදා සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණා.
එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට අධිකරණය මඟින් නියෝගයක් ලබා දී තිබූ පසුබිමක ද උන්වහන්සේලා මෙම විරෝධතාවය පවත්වාගෙන යනු ලැබුවා.
මේ අතර, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හමුවේ අද (11) දිනයේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ද පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෙත දැනුම් දීමක් සිදු කර තිබුණා.
එවන් පසුබිමක අධිකරණ නියෝග මෙන්ම පොලිස් දැනුම්දීම් ද නොතකමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් 03 නම මෙලෙස ස්ථිර මාරාන්තික උපවාසයකට අවතීර්ණ වී ඇත.







Leave a Reply