Loading...

2027 අයවැය ලේඛනය ජනාධිපති නිරීක්ෂණයට

2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළා.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.

‘දිට්වා’ ව්‍යසනය සහ මැදපෙරදිග අර්බුදය වැනි අභ්‍යන්තර මෙන්ම බාහිර අභියෝග රැසක් හමුවේ වුවද, නිසි කළමනාකරණයකින් සහ ඉහළ මූල්‍ය විනයකින් යුතුව කටයුතු කිරීම හේතුවෙන් මෙරට ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට වත්මන් රජය සමත්ව ඇත.

ඒ අනුව, ආර්ථිකය ස්ථාවර කිරීමේ ඉලක්කයෙන් ඔබ්බට ගොස් ආර්ථික ප්‍රසාරණය සහ පරිවර්තනීය සංවර්ධනය ඉලක්ක කරගත් රුපියල් බිලියන 2,000ක ප්‍රාග්ධන ප්‍රතිපාදන ඇතුළත් 2027 අයවැය ලේඛනය හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (12) පස්වරුවේ මෙම අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *