Loading...

, , , , ,

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා (පලානොයා) පිටත්ව යයි…

හිටපු ජනාධිපති භාර්යා ශිරන්ති රාජපක්ෂ අද (16) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා (පලානොගොස්) පිටත්ව ගොස් තිබෙනවා.

ඇය සමග රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා ද මෙලෙස පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ඔවුන් අද අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරන ගුවන් යානයෙන් මෙලෙස සිංගප්පූරුව බලා (පලානොගොස්) පිටත්ව ගොස් ඇත.

හදිසි අසනීප තත්ත්වයක් යැයි පවසා ශිරන්ති රාජපක්ෂ ඊයේ (15) දිනයේ දී කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙතද ඇතුළත් කර තිබුණා.

මේ අතර, පෞද්ගලික සංචාරයක් සඳහා මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය එළැඹෙන 19 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

මේ අතර සිරීලිය සවිය සංවිධානයේ ගිණුමකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් (NSB) රුපියල් මිලියන 10ක මුදලක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති භාර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ‘සී.ටී. ස්කෑනර්’ (CT scanner) යන්ත්‍රයක් මිලදී ගන්නා බව පවසමින් එකතු කරන ලද මුදල් අවභාවිත කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වන බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *