ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත කර තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (09) පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමෙන් අනතුරුව, ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරුණා.
මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ 2025 අගෝස්තු 04 වනදායි.
2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා.
2009 වසරේදී සම්මත කළ එම පනත මගින් සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබුණා.
ඒ අනුව නව පනත ක්‍රියාත්මක වීමත් සමඟ 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කෙරෙන අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතයි.
එමෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරීමටද පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සලසා තිබෙනවා.








Leave a Reply