Loading...

පෞද්ගලික ඉන්ධන සමාගම් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ දමයි

ලංකා IOC සමාගම සහ සයිනොපෙක් (Sinopec) සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ලංකා IOC සමාගම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමූ අතර, ඊට සමගාමීව සයිනොපෙක් සමාගම ද සිය මිල සංශෝධනය කර ඇත.

මෙම මිල සංශෝධනයට පෙර ලංකා IOC සමාගමේ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 475 ක් වූ අතර, මෙලෙස රුපියල් 20 කින් මිල ඉහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 495.00 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි IOC සහ සයිනොපෙක් ඉන්ධන පිරවුම්හල් හරහා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 495 ක් වන නව මිල යටතේ අලෙවි කෙරෙනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *