දිවයින පුරා ගෑස් බෙදා හැරීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින් එළැඹෙන 27 වැනි දා වන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 07ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ, වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්යතාව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව, පසුගිය 22 වැනි දින මෙරටට ළඟා වූ නෞකාවට අමතරව ඊයේ (24) දිනයේදී ද ‘GOODWILL’ නෞකාව මගින් ගෑස් මෙට්රික් ටොන් 3,900ක් දිවයිනට රැගෙන ආ බව සමාගම සඳහන් කරයි. එමෙන්ම, හෙට (26) දිනයේදී ද තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
පසුගිය 22 වැනිදා මෙරටට ළඟා වූ මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගය ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද ගෑස් සිලින්ඩර 350,000ක් පසුගිය 23, 24 සහ අද (25) යන දිනවල අඛණ්ඩව දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කර ඇත.
මේ අනුව ඉදිරි දින කිහිපය තුළ පාරිභෝගිකයින් හට ගෘහස්ත ලිට්රෝ ගෑස් කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ලබා ගැනීමේ හැකියාව පවතින බව ද ලිට්රෝ සමාගම වැඩිදුරටත් අවධාරණය කරනවා.







Leave a Reply