Loading...

එංගලන්තය පරදා පාකිස්ථානය තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ද පාකිස්තානය සමත් වීම විශේෂත්වයකි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 241ක් රැස්කළේය. එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ බෙන් ඩකෙට් (Ben Duckett) ලකුණු 105ක් සහ සෑම් කරන් (Sam Curran) ලකුණු 42ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී පාකිස්තානයේ ෂහීන් ෂා අෆ්රිඩි (Shaheen Shah Afridi) ලකුණු 4 කඩුලු 4ක් බිඳහෙලුවා.

අනතුරුව ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 47.1ක් තුළ කඩුලු 9ක් පමණක් දැවී තිබියදී ජයග්‍රහණය තහවුරු කරගත්තා.

පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ෂදාබ් ඛාන් (Shadab Khan) ලකුණු 113ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී එංගලන්තයේ ජෙමී ඔවර්ටන් (Jamie Overton) කඩුලු 03ක් බිඳහෙලුවා.

මෙම තරගයේදී පාකිස්තානය අතිවිශිෂ්ට ජයග්‍රහණය කරා ගෙන ගිය ෂදාබ් ඛාන් සහ හැරිස් රවුෆ් (Haris Rauf) 10 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 89ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැඟූවා.

මෙය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථක ලකුණු හඹායාමකදී 10 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනගන ලද හොඳම සබඳතාව ලෙස ඉතිහාසයට එක්වේ. ඒ අනුව ඔවුන් විසින් බිඳහෙළනු ලැබුවේ මීට වසර 51කට පෙර, එනම් 1975 වසරේදී පාකිස්තානයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් වන ඩෙරික් මුරේ (Deryck Murray) සහ ඇන්ඩි රොබට්ස් (Andy Roberts) විසින් තබා තිබූ ලකුණු 64ක වාර්තාව වීම විශේෂත්වයකි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *