දුම්රිය සේවාව කාර්යක්ෂම කර මගී ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීමේ ජාතික වැඩපිළිවෙල යටතේ, දුම්රිය එන්ජින් රියදුරු සහායක (III ශ්‍රේණිය) තනතුර සඳහා අලුතින් බඳවාගත් 100 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම ඊයේ (14) සිදු වුණා.
මරදාන පිහිටි දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවය නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් මේ වසර තුළ පමණක් විවිධ තනතුරු සඳහා 1,500ක පමණ පිරිසක් බඳවාගෙන තිබෙනවා.
ඊට අමතරව 2027 වසර සඳහාද දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක සහ තාක්ෂණ නිලධාරීන් ඇතුළු පුරප්පාඩු රැසක් වෙනුවෙන් අනුමත තරග විභාග පදනම් කරගනිමින් නවකයන් බඳවාගැනීමට සැලසුම් කර ඇති බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.






Leave a Reply