Loading...

රවී සහ ශානි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීම තුළින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පාර්ශ්වයන් විසින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබුණි.

පාස්කු ප්‍රහාර විමර්ශනවලට අදාළව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

ද්වේෂසහගත පැමිණිල්ලක්: වගඋත්තරකාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ල දේශපාලනික අරමුණකින් යුතුව සිදු කරන ලද ද්වේෂසහගත එකක් බව තීන්දුවේ සඳහන් වේ.

වන්දි ගෙවීමට නියෝග: මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පෙත්සම්කරුවන්ට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් රුපියල් 50,000 බැගින්.

විමර්ශනය මෙහෙයවූ CID හි එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් 10,000 බැගින්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *