Loading...

අල්ලස් කොමිසම කථානායකට එරෙහිව පරීක්ෂණයක් අරඹයි

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, කථානායක නිල නිවසට අනුයුක්ත සේවකයන්ට අදාළ සියලු ලේඛන සිය භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු නිලධාරීන් විසින් අදාළ ලේඛන අල්ලස් කොමිසම වෙත භාර දී ඇති අතර, ඊට කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු, වැටුප් විස්තර සහ වාහන භාවිතය පිළිබඳ තොරතුරු ඇතුළත් වන බව පැවසෙනවා.

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

මේ අතර, දූෂණ විරෝධී පනතේ සංශෝධනය පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතව තිබියදී, චෝදනා ලැබ සිටින කථානායකවරයා එම විවාදයේ මුලසුන දැරීම සහ පනත් කෙටුම්පත සහතික කිරීම අනුචිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *