මෙම වසර තුළ අධිවේගී මාර්ග කිහිපයක වැඩ කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී කුරුණෑගල සිට දඹුල්ල අධිවේගී මාර්ගයේ කුරුණෑගල – ගලේවල කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවයි.
මීට අමතරව ඉදිරියේදී සිදුවීමට නියමිත සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා කරුණු අනාවරණය කළා.
කහතුඩුව – ඉංගිරිය අධිවේගී මාර්ගය: වැඩ කටයුතු මෙම වසර අගදී ආරම්භ කිරීමට නියමිතයි.
කටුනායක – හලාවත අධිවේගී මාර්ගය: වැඩකටයුතු සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
අනුරාධපුරය කේන්ද්‍ර කරගත් අධිවේගී මාර්ග පද්ධතිය: ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇත.
එමෙන්ම දැනට ඉදිකෙරෙමින් පවතින මාර්ග කොටස් අවසන් කරන කාලරාමූන් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.
ඒ අනුව, කඩවත සිට මීරිගම දක්වා අධිවේගී මාර්ග කොටසේ වැඩ කටයුතු 2028 වසරේ මැයි මාසය වන විට අවසන් කිරීමට නියමිත අතර, පොතුහැර සිට රඹුක්කන කොටස ලබන වසරේ අප්‍රේල් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.







Leave a Reply