Loading...

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (08) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

අද (08) දහවල් 1.25ට ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඒ මහතා මෙලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බව වාර්තා වනවා.

ලබන 10 වනදා දක්වා මෙරට රැඳී සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමයි.

මෙම සංචාරය අතරතුරදී ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අත්සන් තබන ලද ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විශේෂ සමාලෝචනයක් සිදුකිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නේ වසර 38කට පසුව වීම ද විශේෂත්වයකි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *