Loading...

ඔස්ට්‍රේලියාවේ විදේශීය සිසුන්ට පවුලේ සාමාජිකයින් ගෙන්වා ගැනීම සීමා කිරීමේ තීන්දුවක්

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට සිය ස්වාමිපුරුෂයා, බිරිඳ හෝ දරුවන් එරටට ගෙන්වා ගැනීම සීමා කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට අමතරව, තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයින්ට වෙනත් වීසා කාණ්ඩ වෙත මාරුවීම සම්බන්ධයෙන් පවතින නීති ද දැඩි කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් විසින් නව සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔස්ට්‍රේලියාවට වසරකට පැමිණෙන විදේශීය සංක්‍රමණිකයින් සංඛ්‍යාව මේ වනවිට 300,000ක් පමණ වන අතර, එය 2028 වනවිට 225,000 දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය වී තිබෙනවා.

දැනට පවතින නීති අනුව, විදේශීය සිසුන්ගේ සහකරුවන්ට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරතවීමටත්, වයස අවුරුදු 18ට අඩු දරුවන් ඔස්ට්‍රේලියාවට කැඳවාගෙන ඒමටත් අවස්ථාව හිමිවනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *