Loading...

අගෝස්තු මාසයේදී විදේශ ශ්‍රමික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 748 ඉක්මවයි

පසුගිය අගෝස්තු මාසය තුළදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, එය 2025 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි.

2025 වසරේ අගෝස්තු මාසයේදී වාර්තා වී තිබූ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 680.8කි.

මේ අතර 2026 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මුල් මාස 8 තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,131ක් බවද මහ බැංකුව සඳහන් කරනවා.

එය පසුගිය 2025 වසරේ මුල් මාස 8 තුළ ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 5,116ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *