Loading...

රුමේෂ් තරංගගේ හෙල්ල කැඩීමේ සිද්ධිය ගැන Turkish Airlines කනගාටුව පළ කරයි – හානිය පියවීමටත් එකඟතාව

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග මහතා දිවයිනට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණවලට සිදුව ඇති හානිය පිළිබඳව Turkish Airlines ආයතනය සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඊයේ (15) දිනයේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ Turkish Airlines ආයතනයේ නියෝජිතයින් පිරිසක් අතර පැවැති හමුවේදී අදාළ ආයතනයේ නිලධාරීන් මෙලෙස සිය කනගාටුව පළ කර ඇති බව සඳහන්.

එහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනික විමර්ශන කටයුතු සිදුකිරීමටත්, සිදුව ඇති හානිය පිළිබඳව නිසි ඇගයීමක් සිදුකර එම හානිය කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත් තීරණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ ඔසවා තබමින් හංගේරියාවේ පැවැති වර්ල්ඩ් ඇත්ලටික් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලියට එක්වූ රුමේෂ් තරංග ඊයේ (15) අලුයම යළි දිවයිනට පැමිණියා.

කෙසේ වෙතත්, ඔහු තරග සඳහා භාවිත කළ රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් හෙල්ල පහම ගුවන් යානයේදී සම්පූර්ණයෙන්ම කැඩීගොස් තිබීම කාගේත් දැඩි අවධානයට ලක්වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *