Loading...

විවාහක රූ රැජිණ කිරුළ ගැලවීමේ නඩුවෙන් කැරොලයින් සහ චූලා නිදොස් කොට නිදහස්

විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේදී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහරදීම ඇතුළු චෝදනා ලබා සිටි කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර යන විත්තිකාරියන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි. එමෙන්ම විත්තිකාර චූලා පද්මේන්ද්‍ර මහත්මිය මේ වන විට මියගොස් ඇති බව ද අධිකරණයට දැනුම් දී තිබුණා.

අදාළ විවාහක රූ රැජිණ අවසන් මහා තරගය ඉකුත් 2021 වර්ෂයේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පවත්වා තිබූ බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *