Loading...

Jude Samantha

  • අභිජනනය කළ යුතු කරදිය විසිතුරු මත්ස්‍ය අභිජනනාගාරය.

    අභිජනනය කළ යුතු කරදිය විසිතුරු මත්ස්‍ය අභිජනනාගාරය.

    රජය විසින් ආරම්භ කරන ලද විදේශීය වෙළද පළ ඉලක්ක කර ගනිමින් “කරදිය විසිතුරු මසුන් අභිජනන” කිරීම සදහා වූ හලාවත – බංගදෙණිය,කුසල ප්‍රදේශයේ පිහිටුවන ලද අභිජනනාගාරය මේ වන විට පුද්ගලික අංශයේ බුදලයක් බවට බවට පත්ව ඇත. බංගදෙණිය කුසල ප්‍රදේශයේ  මත්ස්‍ය අභිජනනාගාර 02 ක් පිහිටුවා ඇත.ඉන් එක් අභිජනනාගාරයක සිදු විය යුතු වන්නේ “කරදිය විසිතුරු මත්ස්‍යයින්” අභිජනනය කිරීමය.අනෙක්…

  • බේරේ බේරෙයිද?

    බේරේ බේරෙයිද?

    “කොළඹ කුණු ඔක්කොම බේරේ වැවට” යැයි කථාවක් ඇත.කොළඹ ඇති පොදු සහ පුද්ගලික ස්ථාන වලින් පිටකරන බහුතරයක් කැලි කසල බේරේ වැවට එක්වීම ඊට හේතුව වන්නට ඇත.2022 මැයි මාසයේ 09 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති අරගලයට පහර දීමට පැමිණි බව කියන පිරිසකට එදා බේරේ වැවෙන් හොදට දිය නාගන්නට අවස්ථාව හිමි විය.ඒ නිසාම එදිනෙන් පසුව බේරේ වැව…

  • ඇතුගලත් පරයන නගරසභාවේ ගැහිලි

    ඇතුගලත් පරයන නගරසභාවේ ගැහිලි

    කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මේ වන විට කාලය ගෙවන්නේ මහ උළු ගෙදරය. කුරුණෑගල නගරය තුළ තිබූ ඓතිහාසික බුවනෙක රාජ සභා ගොඩනැගිල්ල බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන 2020 ජුලි මාසයේ 14 වන දින හෝ ඊට ආසන්න දිනයකදී කඩා ඉවත් කළේ යැයි කියන නඩුවක් තුෂාර සංජීවට එරෙහිව කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග විය.එම නඩුවේ තීන්දුව අනුව තුෂාර සංජීව…

  • ගම්පෙරළිය බිම පෙරළෙන හැටි

    ගම්පෙරළිය බිම පෙරළෙන හැටි

    හුදුකරයේ  ජීවත් වන දරුවන්ට විවේකයෙන් ගත කිරීමට සහ ක්‍රියාශීලී දරුපරපුරක් බිහි කිරීමේ අදහස ඇතිව මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටහිර ඉරණවිල ඉදිකර ඇති ළමා උද්‍යානය සදහා වැය කර ඇති මුදල නිශ්කාර්ය වියදමක් බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ. මෙම ළමා උද්‍යානය ඉදිකිරීම සදහා රජය විසින් වැය කර ඇති මුදල රුපියල් 927,000…

  • වයඹ ආණ්ඩුකාරයාගේ මැජික්

    වයඹ ආණ්ඩුකාරයාගේ මැජික්

    වයඹ පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන පේෂල ජයරත්න මහතා විසින් ආරම්භ කරන ලද “අධ්‍යාපන සංවර්ධන අරමුදල” සුදු අලියෙකු බවට පත්වී “වෙච්ච කෙරිච්ච දෙයක් නැතැයි තොරතුරු අනාවරණය වේ. 2019 වර්ෂයේ අගෝස්තු මාසයේදී වයඹ පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා විසින් මෙම අධ්‍යාපන සංවර්ධන අරමුදල ආරම්භ කර ඇත. වයඹ පළාත් සභා බල ප්‍රදේශය තුළ පිහිටි පාසල් 1254 ක…

  • මාළුන්ට ඇල්ගී ඇලජික්ද ?

    මාළුන්ට ඇල්ගී ඇලජික්ද ?

    ආනවිළුන්දාව රැම්සා අභය භූමියට අයත් ප්‍රධාන වැවේ ජීවත් වූ මසුන් සහ විශාල ප්‍රමාණයේ පක්ෂීන් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය නොවීම ගැටළු සහගත කරුණක් බව වයඹ හඩ පරිසර සංවිධානය සදහන් කරයි. මෙරට ඇති තෙත් බිම් 06 න් එකක් ලෙස ආනවිළුන්දාව රැම්සා අභය භූමිය සැළකේ. එය මෙරට ස්ථාපනය කර ඇති දෙවැනි රැම්සා අභය භූමිය වේ. 1971 වසරේදී…

  • ඉස්සො කාලත් හමාරයි

    ඉස්සො කාලත් හමාරයි

    පොකුණු තුළ ඉස්සන් වගා කිරීම අපේ රටේ පමණක් සිදු වන්නක් නොව. වියට්නායමය,ඉන්දියාව,බංගලාදේශය,ඉක්වදෝරය වැනි රටවල් වලද පොකුණු තුළ ඉස්සන් වගා කිරීම බහුල ලෙස සිදු කරති. නමුත් එම රටවල ඉස්සන්ට වඩා මෙරට ඉස්සන්ට විදේශ වෙළද පළේ ඇත්තේ ලොකු ඉල්ලුමකි. ඊට හේතුව වී ඇත්තේ පෙර සදහන් කර ඇති බොහෝ රටවල් වල ඉස්සන් පොකුණු පවත්වා ගෙන යනු ලබන්නේ පොලිතින්…

  • අම්මෙක් තාත්තෙක් නැති වව්නියාවේ ධීවර කාර්යාලය

    අම්මෙක් තාත්තෙක් නැති වව්නියාවේ ධීවර කාර්යාලය

    මෙරට ජනතාවගේ සුභ සිද්ධිය සදහා යැයි පවසමින් සිදු කරන සංවර්ධන ක්‍රියාවන් සදහා යොදවන්නේ මුදල්ය.එසේ වැය කරන මුදල් දේශීයව හෝ විදේශීයව හෝ ලැබුණත් වැය කළ යුත්තේ පලදායී කටයුත්තක් සදහාමය. එමෙන්ම විදේශීය ආධාර මත අප රට තුළ සිදු කරන කටයුතු සම්බන්ධයෙන් රජයේ ප්‍රධානතම වගකිව යුතු ආයතන “නොදනී” යනුයෙන් පැවසුවහොත් එයද පුදුමයට කරුණක් නොවන්නේද? මේ ඒ ආකායට විදේශීය…

  • කඹ ඇදිල්ලෙන් පිළිතුරු සොයන ඉරණවිල වෙරළ

    කඹ ඇදිල්ලෙන් පිළිතුරු සොයන ඉරණවිල වෙරළ

    බටහිර වෙරළ තීරය ඛාදනය වන්නට පටන් ගත්තේ මීට වසර 15 කට පමණ පෙරදීය.“මාඔයේ” මෝය කටට උතුරින් ඇති වයික්කාල – කම්මල ප්‍රදේශයේ ආරම්භ වූ වෙරළ ඛාදනය මේ වන විට හලාවත නගරය ආසන්නයටම පැමිණ ඇත. වෙරළ ඛාදනය සිදුවූ වෙරළ තීරයේ තිබූ නිවාස රැසක් මුහුදට ගසා ගෙන ගියේය.මේ නිසාම මාරවිල – ලංසිගම ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ පදිංචිව සිටි පවුල් රැසක්…

  • මළ කලපුවක්

    මළ කලපුවක්

    මුන්දලම කලපුව මළ කලපුවක් (Dead Lagoon) බවට පරිවර්තනය වන්නට පටන් ගත්තේ මීට වසර ගනනාවකට පෙරදීය. වර්ග කිලෝ මීටර් 36 ක් විශාල මුන්දලම කලපුවේ ජලය එහා මෙහා සංසරණය වුයේ “හැමිල්ටන් ඇල” ඔස්සේය.ඊට හේතුව වී ඇත්තේ මුන්දලම කලපුව මහ මුහුද සමග සම්බන්ධ වන උඩප්පුවේ පිහිටි එකම “මෝය කට” වසරේ වැඩි කාලයක් වැලි තලාවකින් වැසී තිබෙන නිසාය.හැමිල්ටන් ඇල…

  • නිලධාරීන්ට හිසරදයක් වූ තබ්බෝව පොල

    නිලධාරීන්ට හිසරදයක් වූ තබ්බෝව පොල

    පසුගිය කාලය තුළ මෙරට බිහිවූ සෑම රාජයක්ම කඩිනම් සංවර්ධන කටයුතු ආරම්භ කළේය.බොහෝ දෙනෙකුට මතක ඇති කාලයක් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙන ගියේ “මහින්ද චින්තන” වැඩ සටහනය.“යහපාලන” රාජ්‍යයක් ගෙන ගියේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාය.පෙර සදහන් කර ඇති පරිදි කව්රුන් කුමන සංකල්ප ඉදිරිපත් කරමින් කටයුතු කළත් ඒ සියල්ල සදහා වියදම් කර ඇත්තේ මහජන මුදල්මය. හිටපු මෙරට පාලකයෙකු…

  • එක් දිනක්වත් පාර්ලිමේන්තු නොආපු මන්ත්‍රීවරු 83ක් – verité research

    එක් දිනක්වත් පාර්ලිමේන්තු නොආපු මන්ත්‍රීවරු 83ක් – verité research

    2024 ජනවාරි මාසය තුළ මන්ත්‍රීවරුන් 83 දෙනෙකු එකම දිනක් හෝ පාර්ලිමේන්තු සභා රැස්වීම් වලට සහභාගි වී නොමැති බව වෙරිටේ රිසර්ච් කියයි. පාර්ලිමේන්තුව පැවැත්වෙන කාලය තුළ මන්ත්‍රීවරුන්ගේ දායකත්වය සම්බන්ධයෙන් අවධියෙන් සිටින වෙරිටේ රිසර්ච් ඒ සම්බන්ධයෙන් වන වාර්තා ඉදිරිපත් කිරීම සිදු කරයි. පාර්ලිමේන්තු සභා රැස්වීම් වලට වැඩියෙන්ම සහභාගි වී දායකත්වය ලබා දී ඇත්තේ සමගි ජනබලවේගය පක්ෂයේ බුද්ධික…

  • කළගුණ සලකන්න ජන්දයක් එනකම් බලන් ඉන්න ධීවරයෝ

    කළගුණ සලකන්න ජන්දයක් එනකම් බලන් ඉන්න ධීවරයෝ

    අපේ රටට විදේශ විනිමය ලැබෙන මාර්ග කීපයක් ඇත.ඒ අතරින් බහුදින ධීවර කර්මාන්තකරුවන් පමණක් වසරකට ඩොලර් බිලියන 300 ක පමණ විදේශ විනිමය අප රටට ගෙන එන බව කියති. ධීවර දෙපාර්තමේන්තුවේ සටහන් වලට අනුව මෙරට බහුදින යාත්‍රා 6000 ක් පමණ ලියාපදිංචි කර ඇත.එක් බහු දින යාත්‍රාවක අවම වශයෙන් ධීවරයින් 7 දෙනෙකු සේවය කරති.ඒ අනුව පෙර සදහන් කර…

  • බිලියන 2ක් වියදම් කරපු ගෝටගේ ජාතික පාසල් 1000 කෝ?

    බිලියන 2ක් වියදම් කරපු ගෝටගේ ජාතික පාසල් 1000 කෝ?

    රට පුරා ජාතික පාසල් දහසක් (1000) ආරම්භ කිරීම සදහා රජය විසින් ආරම්භ කරන ලද වැඩ සටහන “ලත් තැනම ලොප් වී” රුපියල් මිලියන 2285 ක මුදලක් නිශ්කාර්ය ලෙස වියදම් කර ඇති බව රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සදහන් වේ. මෙරට පාසල් වර්ග දෙකක් ඇත.ඉන් එකක් වන්නේ ජාතික පාසල්ය.අනෙක් පාසල් වර්ගය ඇතුළත් වන්නේ…

  • වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවද? ; PHI ලා දෙගිඩියාවක

    වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවද? ; PHI ලා දෙගිඩියාවක

    “යුක්තිය” මෙහෙයුම ආරම්භ කරන ලද්දේ 2023 වසරේ දෙසැම්බර් 17 වැනිදාය.දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස යුක්තිය මෙහෙයුම ආරම්භ කරමින් කියා සිටියේ “පාතාලය” සහ “මත්ද්‍රව්‍ය” උවදුර මෙරටින් තුරන් කිරීම තම අරමුණ බවය. යුක්තිය මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතින විටත් තැන තැන වෙඩි පත්තු වන්නට විය.2024 ජනවාරි මාසය තුළදී පමණක් වෙඩි තැබීම් 14 ක් සිදුවී…

  • බෙරේ පළුවක් නැති වුණ ලෝක තෙත් බිම් සැමරුම

    බෙරේ පළුවක් නැති වුණ ලෝක තෙත් බිම් සැමරුම

    ‘ලෝක තෙත් බිම්’ සැමරුම වෙනුවෙන් 2021 පෙබරවාරි මස 02 වැනිදා පැවති ජාතික උත්සවය වන ජීවී දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද්දේ ආරච්චිකට්ටුව – ආනවිළුන්දාවේ පිහිටි ‘රැම්සා අභය’ භූමිය කේන්ද්‍ර කර ගනිමිනි.  මෙම උත්සවය සදහා වන ජීවී දෙපාර්තමේන්තුව රුපියල් 8,88,810 ක මුදලක්ද වියදම් කර ඇත.ඒ අතරින් වැඩිම මුදලක් වන රුපියල් 1,48,060 ක මුදලක් වැය කර ඇත්තේ උත්සව භූමිය…

  • මන්නාරමේ කුරුල්ලන්ට අදානිගෙන් විදුලි සැර……

    මන්නාරමේ කුරුල්ලන්ට අදානිගෙන් විදුලි සැර……

    ”සෑම අවුරුද්දකම ඔක්තොම්බර් ඉදලා ඊළග අවුරුද්දේ මාර්තු මාසය විතර වෙන තුරු විවිධ රටවල් වලින් කුරුල්ලෝ ලක්ෂ 10 කට වැඩි ප්‍රමාණයක් මන්නාරමට ඇවිත් නතර වෙනවා.විශේෂයෙන්ම හමිං බර්ඩ් නමින් හදුන්වන ඉතාමත් කුඩා ඒත් බලන්න ලස්සන කුරුල්ලන් සහ සියක්කාරයා නමින් හදුන්වන පක්ෂියා ඒ අතරින් විශේෂයි.තවත් විවිධ වර්ගයේ කුරුල්ලෝ මේ කාලයේදී මන්නාරමට එනවා.ඒ මේ අවුරුද්දේ ඒ අය ආවේ නෑ.මට…