පසුගිය කාලය තුළ මෙරට බිහිවූ සෑම රාජයක්ම කඩිනම් සංවර්ධන කටයුතු ආරම්භ කළේය.බොහෝ දෙනෙකුට මතක ඇති කාලයක් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙන ගියේ “මහින්ද චින්තන” වැඩ සටහනය.“යහපාලන” රාජ්‍යයක් ගෙන ගියේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාය.පෙර සදහන් කර ඇති පරිදි කව්රුන් කුමන සංකල්ප ඉදිරිපත් කරමින් කටයුතු කළත් ඒ සියල්ල සදහා වියදම් කර ඇත්තේ මහජන මුදල්මය.
හිටපු මෙරට පාලකයෙකු වූ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ ප්‍රථම ගොවි ජනපදය බිහිවන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේය තබ්බෝව ප්‍රදේශයේය. කාවන්තිස්ස රජු විසින් 1913 – 1925 කාලයේ ඉදිකරන ලද බව කියන තබ්බෝව ජලාශය කේන්ද්‍ර කරගෙන මෙම ගොවි ජනපදය බිහිවී ඇත.තබ්බෝව යනු සම්පූර්ණයෙන්ම ගොවි ගම්මානයකි.මෙම ගම්මානයේ පදිංචි සෑම කෙනෙකුම ගොඩ හෝ මඩ වගා කරති.ඒ නිසාම ඔවුන් සියල්ලෝම ගොවීන්ය.ඒ නිසාම තබ්බෝවට ඇත්තේ නොකැළැල් පෞඩ ඉතිහාසයකි.
නමුත් වරින් වර මේ රට පාලනය කළ ජාතික සහ ප්‍රාදේශීය දේශපාලකයින් විසින් දුර දිග නොබලා ගෙන ඇති ඇතැම් ක්‍රියාවන් නිසා එදා නොකැළැල්ව තිබූ තබ්බෝව ජනපදය මේ වන විට කිසියම් ආකාරයකට කිළිටි වී ඇති සැටියක් දක්නට ඇත.
තබ්බෝවේ පදිංචිකරුවන් නිරන්තර පුත්තලම නගරයට ඇවිත් ගියේය. තමන්ගේ අස්වැන්න අලවි කර ගැනීම සදහා පුත්තලමට ගිය බොහෝ දෙනෙකු ආපසු නිවෙස් වලට ආවේ ගෙදරට,දරුවන්ට අවශ්‍ය අඩුම කුඩුමද කර පින්නා ගෙනය.ඒ සදහා ඔවුන්ට ගෙවන්නට වූයේ සැතපුම් 10 කටත් වඩා අඩු දුරකි.
මහින්ද චින්තන සංවර්ධන සංග්‍රාමයේ (පෙර සදහන් කර ඇති පරිදි) ග්‍රාමීය පළාත් නගාසිටුවීමේ වැඩ සටහන අනුව තබ්බෝව ප්‍රදේශයේ සති පොලක් ඉදිකරන්නට කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව කටයුතු කරන්නේය.ඒ සදහා තෝරා ගන්නේ පැරණි තබ්බෝව ගොවි ජනපද කාර්යාල භූමියයි.සති පොලේ ඉදිකිරීම් සදහා වයඹ පළාත් සභාවේ නිශ්චිත ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 10 ක මුදලක් වෙන් වන්නේය.නමුත් වැඩි කලක් යන්නට පෙර මහින්ද රාජපක්ෂ රජය අවසන් වන්නේය.ඒ සමගම මහින්ද චින්තන සංවර්ධන සංග්‍රහයද “ලත් තැනම ලොප්” වී යන්නේය.
ඒ ඇවෑමෙන් බලයට එන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් යහපාලන රජයක් ආරම්භ කරන්නේය.එම රජයේ ආරම්භත් සමග දින 100 ක කඩිනම් සංවර්ධන කටයුතු රටපුරා ක්‍රියාත්මක කිරීමට දේශපාලකයින් පෙළ ගැසෙන්නේය.
මහින්ද චින්තනයෙන් ආරම්භ වී යහපාලනයෙන් තබ්බෝව සති පොලේ වැඩ කටයුතු අවසන් වන්නේ ඒ අනුවය.වැඩ අවසන් වූ තබ්බෝව සති පොල 2015 අප්‍රියල් මස 07 වැනිදා විවෘත වන්නේ වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.එම අවස්ථාවට ජාතික මෙන්ම ප්‍රාදේශීය දේශපාලකයින් කීප දෙනෙකුම සහභාගි වී ඇත.
මෙම සති පොල සදහා අවශ්‍ය ජලය සහ විදුලිය ලබා දෙන්නේය.ඒ ව්‍යාපාරික කටයුතු සිදු කරන වෙළදුන්ගේ මෙන්ම එහි පැමිනෙන පාරිභෝගිකයින්ගේද යහපත වෙනුවෙනි.
නමුත් අවාසනාවකි.සති පොල ක්‍රියාත්මක වන්නේ මාස කීපයකි.පළමු දිනයේදී ව්‍යාපාරික කටයුතු සදහා පැමිණි වෙළදුන් දෙවැනි දිනයේදී ආවේ නැත.ඒ අනුව ක්‍රමයෙන් කිසිදු ව්‍යාපාරිකයෙකු නොපැමිණීම නිසා තබ්බෝව සති පොල සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වන්නේය.තම ගමේ සති පොල අකර්මන්‍ය වුවත් තබ්බෝව ගමේ ජනතාව කුස ගින්නේ සිටියේ නැත.ඔවුන් තමන්ට අවැසි දෑ මිලදී ගන්නට පුත්තලම නගරයට පෙරදා වගේම යන්න පටන් ගත්තේය.
තබ්බෝව ගමේ පදිංචිකරුවෙක් වන හිටපු ග්‍රාම නිලධාරීවරයෙකි වූ සුනිල් මහතා දැක්වූයේ මෙවැනි අදහසක් ,
“මේ සති පොලට අද වෙලා තියන දේ බලන්න.ඔක්කොම ගොඩනැගිලි කැලෑවට ගිහිං.රාත්‍රී කාලයෙට වන සතුන් ඉන්නවා වාගේ පේනවා.ඒ විතරක් නෙමෙයි මෙතන විවිධ දුරාචාර සිදු වෙන්නත් හොදටම ඉඩකඩ තියනවා. අපරාද සල්ලියක් මේ වියදම් කරලා තියෙන්නේ.යම් දෙයක් කළ යුත්තේ කරන්න ඕන නිසාම නෙමෙයි.ඒ කටයුත්තෙන් ජනතාවට සිදුවන සේවය ගැන හිතලයි වැඩ කරන්න ඕනේ.නමුත් එහෙම නොහිතබු එකේ පල විපාක දෑස් පනා පිටම පේන්න තියනවානේ.සති පොළ පවත්වා ගෙන යන්න බැරි නම් ඇයි මේ ගොඩනැගිළි වෙනත් කටයුත්තකට යොමු කරන්න බැරි.ඒ ගැන හිතලා වැඩ කරන්න තරම් නිලධාරීන්ට අවශ්‍යතාවයක් නෑ කියලයි පේන්නේ…..”
එපමණක් නොව දින 100 සංවර්ධන සංග්‍රමය යටතේ තම ගමේ ආරම්භ කර මේ වන විට වල් වදිමින් පවතින තවත් ස්ථාන කීපයක් සම්බන්ධයෙන්ම ඔහු අවධානය යොමු කළේය.
තබ්බෝව සති පොලේ හිමිකරුවා කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවය.මේ වන විට පළාත් පාලන ආයතන විසුරුවා හැර ඇති බැවින් බලධාරියා සභාවේ ලේකම් තැනය.කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරය හොබවන්නේ ජගත් කුමාර මහතාය.
“තබ්බෝව සති පොල කියන්නේ අපිට හිසරදයක්.හැම අවුරුද්දකම විගනන විමසුමක් එනවා.ඒකට උත්තර ලියලම එපා වෙන්න තියෙන්නේ.ඔය සති පොල හදලා තියෙන්නේ කිසිම ප්‍රයෝජනයක් ඇති තැනක නෙමෙයි.තබ්බෝව කියන්නේ වෙනමම ඇතුළු වෙන්න ඕනා කරන ගමක්.ඒ ගමේ සති පොලක හැදුවහම ඒකට එන්නේ ගමේ අය පමණයි.නමුත් ඔය සති පොල පුත්තලම – අනුරාධපුර පාර ආසන්නයේ හැදුවා නම් ලොකු ප්‍රයෝජනයක් ගන්න තිබුණා.
පසුගිය කාලයේ අපි පුත්තලම නගරයට ගිහිං වෙළදුන්ට කිව්වා තබ්බෝව සති පොලට එන්න කියලා.ඒත් ආවෙ නෑ.තබ්බෝව ගමේ ඉන්න ඇතැම් වෙළදුන් පවා තමන්ගේ අස්වැන්න අරගෙන අලවි කරන්න යන්නේ පුත්තලමට.ඉතිං ගමේ වෙළදුන් එන්නේ නැති සති පොලට පිට පළාත් වලින් වෙළදුන් එයිද?
අපේ ඇතැම් අය කරන්න ඔනේ දේවල් නෙමෙයි කරලා තියෙන්නේ.මේ වැඩ නිසා අන්තිමේට අසරණ වෙලා ඉන්නේ රජයේ සේවකයින්.ඉහළින් අපෙන් අහන්නේ වැඩක් නැත්නම් ඇයි හැදුවේ කියලා.මම ඉන්න කාලෙ නම් නෙමෙයි ඔය සති පොල හදලා තියෙන්නේ.ඒත් උත්තර දෙන්න වෙලා තියෙන්නේ මටයි. අපි උත්සාහ කරනවා මේ සති පොල කුමන හෝ දෙයක් සදහා ප්‍රයෝජනයකට ගන්න.නමුත් තවම බැරි වුණා.
තබ්බෝව සති පොලෙන් අපිට කිසිම ආදායමක් ලැබෙන්නේ නෑ.ඒ නිසා සපයලා තිබූ විදුලිය සහ ජල සම්බන්ධතාවයද තාවකාලිකව නවත්වලා තියනවා.කොහොම වුනත් කියන්න තියෙන්නේ මේ අපරාධ වියදමක් කියලා විතරයි.”කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා කියා සිටියේය. කාවන්තිස්ස රජු විසින් කරවන ලද තබ්බෝව වැව වසර 111 ක් ගෙවී ගියත් මහා සාගරයක් මෙන් තවමත් ජනතාවට ජලය සපයති.ඒ ජලය උපයෝගී කරගෙන තබ්බෝවේ මිනිස්සු යල – මහ දෙකන්නය සරුවට වගා කරති.එදා කාවන්තිස්ස රජු තබ්බෝව වැව හැදුවේ තමන්ගේ මඩිය ගැන නොසිතා අනාගත පරපුර පිළිබදව සිතුවිල්ලෙන් වන නිසා එය එසේ වී ඇත.නමුත් වර්තමානයේ රට කරවන්නට කියා කතිරයෙන් බලයට එන ජාතික මෙන්ම ප්‍රාදේශීය දේශපාලකයින් විසින් තමන්ගේ මඩිය ගැන සිතා කරන මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන් නිසා බදු බර වැඩි වන්නේ අහිංසක ජනතාව පිට මතමය.ඒ නිසා මුවින් නොබැන හෙටත් අපි බදු ගෙවමු.
සටහන – ජූඩ් සමන්ත







Leave a Reply