Loading...

කස්සප හිමි සැබෑ භික්ෂුවක්ද යන්න සොයා පොලිසියෙන් විමර්ශන අරඹයි

චෝදනා කිහිපයක් මත අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු ලබන නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වන විට රෝහල්ගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් පරීක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා රාත්‍රී 11.30ට පමණ රෝහල වෙත ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම රිමාන්ඩ් නියෝගය ලබා දී ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර ස්වාමීන් වහන්සේලා සිව්නමක් සහ ගිහි පුද්ගලයන් තිදෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කරනවා.

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසකගේ පහරකෑමට ලක්ව තුවාල ලබා සිටින පූජ්‍ය රාජාංගනයේ සද්ධාතිස්ස හිමියන් ද මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පසුගිය දින කිහිපය පුරා සිදුවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන ලබා ගනිමින් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත්, කස්සප හිමි නීතියට අවනත නොවී අධිකරණයට ද අපහාස වන අයුරින් කටයුතු කර ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

එමෙන්ම, “බලංගොඩ කස්සප” නමින් පෙනී සිටින්නේ සත්‍ය වශයෙන්ම භික්ෂූන් වහන්සේ නමක්ද යන්න පිළිබඳව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *