ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ජෙන්සන් හුවාං (Jensen Huang) එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති අතර, සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කරන කොලෙට් ක්‍රෙස් (Colette Kress) අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත්කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.
ජෙන්සන් හුවාංට එරෙහිව විවාහයෙන් පිටත සබඳතා දෙකක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ මෙම ඉල්ලා අස්වීම සිදුව තිබෙනවා.
ඒ අතරින් එක් සබඳතාවක් පිළිබඳව ඔහු මීට පෙර පිළිගෙන ඇති අතර, අනෙක් සබඳතාව සම්බන්ධයෙන් ද අමෙරිකාවේ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ (New York Times) පුවත්පත විසින් වාර්තා කර තිබුණා .
මෙම සිදුවීමේ වඩාත්ම බරපතළ තත්ත්වය වන්නේ, ඔහු සබඳතාවක් පැවැත්වූ බව කියන කාන්තාවක් චීන ඔත්තුකාරියක බවට චෝදනා එල්ල වී තිබීමයි.
එම චෝදනාව සම්බන්ධයෙන් Nvidia සමාගම මෙන්ම අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ද මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව BBC වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.







Leave a Reply