Loading...

2027 අයවැය යෝජනාවට කැබිනට් අනුමැතිය

2027 වර්ෂය සඳහා වන රජයේ අයවැය යෝජනාවලියට අද (12) පෙරවරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරුවේ 2027 අයවැය යෝජනාවලිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරයා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ කථාව (අයවැය කථාව) සිදු කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *