අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.
ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදු කර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ ආන්දෝලනයට තුඩු දුන් බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පවතින නඩුව අද අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
එහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු නඩුවේ නම් සඳහන් තවත් කිහිපදෙනෙකු ද අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බව වාර්තා වනවා.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව අද (11) පෙරවරුවේ සිට අනුරාධපුරයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති පසුබිමක මෙම වරෙන්තුව නිකුත් වීම විශේෂත්වයකි.
ඒ අනුව, උන්වහන්සේට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කළ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය, අදාළ නඩුවේ වැඩිදුර විභාගය 2027 ජනවාරි 06 වැනිදා දක්වා කල් තැබීමට පියවර ගත්තා.







Leave a Reply