Loading...

ශිරාන් බාසික්ගේ බොරලැස්ගමුවේ පිහිටි රුපියල් කෝටි 2.5ක තෙමහල් නිවසක් තහනම් කරයි

රැඳවුම් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගන්නා ලද බවට සැකකෙරෙන බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක (රු. 25,000,000) පමණ වටිනාකමකින් යුත් මෙම තෙමහල් නිවස සහ ඉඩම, ශිරාන් බාසික් විසින් සිය පියාගේ නමින් මිලදී ගෙන පසුව තෑගි ඔප්පුවක් මඟින් තම දියණිය වෙත පවරා දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව, අදාළ නිවස සහ ඉඩම විකිණීම හෝ වෙනත් පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් ඊයේ (13) දින සිට බලපැවැත්වෙන පරිදි දින 14ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටියදී පසුගියදා මෙරටට රැගෙන එන ලද ශිරාන් බාසික්ට අයත් තවත් දේපොළ කිහිපයක්ම මේ වන විටත් තහනම් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *