මැතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් තිබේ.ඒකොයිහැටිවුවද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව මේ වනවිට රට්ටුන් අතර විවිධ මතවාදයන් නිර්මානය වි ඇත. කඩිමුඩියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරිම ඉදිරියේ දි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය කල්දැමිම සදහා ගෙනඑනු ලැබු උප්පරවැටිටියක් බවටද ඇතමුන් මත ප්‍රකාශ කරති. රජයට හිතවත් පාර්ශවයන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය සදහා මේ තුලින් කිසිදු බලපෑමක් ඇතිනොවන බවය. පළාත් පාලන මැතිවරණයට වු සන්තෑසියම ජනාධිපතිවරණයටත් සිදුවිය හැකි බවට රට්ටුන් අතර විවිධ සැක සංකා නැතිවාම නොවේ. කෙසේවුවද මැතිවරණ කොමිසම් සභාව මගින් පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා කැදවා මැතිවරණය පැවැත්වෙන දිනයද ප්‍රකාශයට පත්කරණු ලැබිය.
පළාත් පාලන මැතිවරණය සදහා බිලියන 08ක පමණ මුදලක් අවශ්‍ය බවට මැතිවරණ කොමිසම් සභාව විසින් ඇස්තමේන්තු කොට තිබුණි. පළාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා මුදල් නොමැති බවට රජය මගින් ප්‍රකාශයට පත්කිරිමත් සමග පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දැමිමට මැතිවරණ කොමිසම් සභාවට සිදුවිය.
2018 වර්ෂයේ පවත්වනු ලැබු පළාත් පාලන මැතිවරණයේ දි තේරිපත්වු සභිකයින්ගේ ධුර කාලය 2022.03.20 වැනිදින අවසන් විය. එහෙත් විෂයභාර ඇමතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව පළාත් පාලන ආයතනවල කාලය 2023. මාර්තු මස 19 වැනිදින දක්වා දිර්ඝ කරනු ලැබිය. දිවයිනේ මහනගර සභා 24ක්,නගර සභා 41ක්, ප්‍රා දේශිය සභා 276ක් ඇතුළු පළාත් පාලන ආයතන 341ක් සදහා නාම යෝජනා කැදවා තිබුණි. කොට්ඨශ සංඛ්‍යාව 4917කි. මැතිවරණ කොමිසම් සභාව විසින් පළාත් පාලන ආයතන ඡන්දවිමසිම සදහා ගැසට් නිවේදන 17ක් නිකුත්කර තිබුණි.පළාත් පාලන මැතිවරණය කල්දැමිම හේතුවෙන් දැඩිලෙස අසරණ තත්ත්වයට පත්වුයේ මැතිවරණය සදහා අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වි ඇති රාජ්‍ය සේවකයින්ය. කෙසේවුවද එම අපේක්ෂකයින්ට සහනයක් ලබාදිමට රජය මගින් කටයුතු කරණු ලැබිය.
ඒ වනවිට මැතිවරණ කොමිසම් සභාව විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්විම සදහා අවශ්‍ය කටයුතු කිරිම සදහා කෝටි හැටපහකට අධික මුදලක් වැයකොට තිබුණි. ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවකට අනුව මැතිවරණ කොමිසම් සභාවට පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්විමට නොහැකි වුවද මැතිවරණ වියදම් ලෙස රුපියල් හැටපන්කෝටි,පනස්ලක්ෂ,අනුහයදහස් දෙසියවිසිහයක මුදලක් (655,096,226) වැයකොට තිබුණි. එමෙන්ම . 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 30 වැනිදන වනවිට රුපියල් එක්කෝටි පනස්නමලක්ෂ,තිස්තුන්දහස්,හාරසියහැත්තැදෙකක මුදලක් (15,933,472) තවදුරටත් ගෙවිය යුතු වියදම් ලෙස පැවති බව විගණන වාර්තාවේ සදහන් වේ. මැතිවරණ වියදමින් සියයට 15ක්, අතිකාල හා නිවාඩු දින වැටුප් සදහාද, සියයට 23ක් ලිපිද්‍රව්‍ය මිලදි ගැනිමටද, සියයට හතක් ඉන්ධන සදහාද, සියයට 31ක් මුද්‍රණ කටයුතු සදහාද, සියයට හතක් සංග්‍රහ කටයුතු සහ සියයට හතරක් පොලිස් දේපාර්තමේන්තුවේ කටයුතු සදහා වියදම්කොට තිබුණි. අනිකුත් වියදම් සදහා සියයට 13ක මුදලක් වැයකොට ඇත.පළාත් පාලන ආයතනවල ධුරකාලය 2023 මාර්තු මස 19 දිනෙන් අවසන් වු අතර අදාල නාම යෝජනා දැන්විම 2023 ජනවාරි මස 04 වැනිදින ප්‍රදර්ශනය කරතිබුණි. ඡන්දවිමසිම පැවැත්වෙන දිනයන් හා එවා අවලංගුවිමට අදාලව ගැසට්පත්‍ර තුනක් නිකුත් කර තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
කල්දැමිමට සිදුවි ඇත්තේ පළාත් පාලන මැතිවරණය පමණක් නොවේ. මේ වනවිට සියලුම පළාත් සභාවල නිල කාලය අවසන් වි ඇත. අවසන් වරට පවත්වනු ලැබු ඌව පළාත් සභාවේ නිල කාලයද 2019 වර්ෂයේ සැප්තැම්බර් මස අවසන්විය. පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමය යටතේ පැවැත්විම සදහා පළාත් සභා සිමා නිර්නය කරමින් සකස්කරඇති සිමා නිර්නය වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත නොවිම යන කරුණු හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්විමට නොහැකිවි ඇත. දැනට වසර පහක පමණ කාලයක සිට පළාත් සභා සියල්ල පාලනය කරණු ලබන්නේ ආණ්ඩුකාරවරුන් හා නිලධාරින් විසිනි. පළාත් පාලන ආයතනවල පාලනයද සභාවේ ලේකම්වරුන්ට හිමිවි තිබේ.
කොටින්මකිවහොත් පළාත් සභාවල මෙන්ම පළාත් පාලන ආයතනවල ඇත්තේ නිලධාරි පැලැන්තියේ පාලනයකි. ඇතැම් පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින් සිටියාටත් වඩා ඉතා හොදින් නිලධාරින් විසින් පාලනය කරති. එහෙත් ඇතැම් නිලධාරින් දුෂිත දේශපාලනඥයින්ට වඩා දුෂිතයින්ය. ඇතමුන් මෙකි ආයතනවල නිලධාරිවාදයක් ගොඩනැගිමට කටයුතු කරති. මහජන නියෝජනයක් නොමැති නිසා තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරිමට නොහැකිව පොදු මහජනතාවද දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. පළාත් සභාවල ඇතැම් ආණ්ඩුකාරවරු මේ වනවිට මහජන මුදල් යොදවා සිය දේශපාලන ව්‍යාපෘති ආරම්භකොට ඇත.මැතිවරණ නිතිරිති උල්ලංඝනය කරමින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සහ තවත් ආණ්ඩුකාරවරු කිහිප දෙනෙකු සංවර්ධන කටයුතු සදහා බව සදහන් කරමින් පළාත් පාලන ආයතන සදහා තම නියෝජිතයින් පත්කරගෙන තිබුණි.එහෙත් පැපරල් සංවිධානය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ පිළිබද මැතිවරණ කොමිසමට පැමිණිලි කිරිමත් සමග දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පමණක් තම නියෝජිතයින්ට නිකුත්කොට තිබු ලිපි ඉවත්කරගෙන තිබුණි. මෙකි ආයතන සදහා මහජන නියෝජනයක් ඉතා අත්‍යවශ්‍යය.මක්නිසාදයත් අතැම් පළාත් පාලන ආයතනවල දුෂිත දේශපාලනඥයින්ටත් වඩා දුෂණ හා වංචා නිලධාරින්ගෙන් සිදුවිය හැකි බවට පොදුමහජනතාවගේ අදහසයි.
පළාත් සභා ගැන සදහන් කරණවිට පළාත් සභා විසින් (2022) වර්ෂයේ එහි සේවකයින්ගේ පඩිනඩි ගෙවිම සදහා රුපියල් මිලියන 298,401 මුදලක් වැයකරණ විට එම පළාත්වල සංවර්ධන කටයුතු සදහා වැයකොට ඇත්තේ රුපියල් මිලියන 16,426ක මුදලකි.. පළාත් සභා විසින් සංවර්ධන කටයුතු සදහා වැයකොට ඇති මුදල මුළු පුනරාවර්ථන වියදමෙන් සියයට 4කි..2022 වර්ෂයේ දි පළාත් සභා 09 විසින් රුපියල් මිලියන 403,544ක මුදලක් වියදම්කොට තිබුණි. එම වියදමින් සියයට 99ක් හෙවත් රුපියල් මිලියන 387,118ක් වැයකොට ඇත්තේ පුද්ගලික පඩිනඩි, අනෙකුත් භාණ්ඩ හා සේවා නඩත්තු වියදම් ඇතුළු පුනරාවර්ථන වියදම් සදහා බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි.. පළාත් සභා විසින් රැස්කළ මුළු ආදායමෙන් සියයට 82ක් රජයෙන් ලබාදුන් ප්‍රදාන වලින් සමන්විත වි තිබුණි..
මැතිවරණ ගැන සදහන් කරණවිට රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුව ගැනද සදහන් නොකරම බැරිය. මක්නිසාදයත් මැතිවරණ කටයුතු සදහා සුවිශේෂි වු කාර්යභාරයක් මුද්‍රණ දේපාර්තමේන්තුව මගින් ඉටුකරණ බැවිනි. . කෙසේවුවද පළාත් පාලන මැතිවරණයේ දි රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුව ද ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිම සදහා මුදල් නොමැති බවට සදහන් කර තිබුණි. එහෙත් රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුව විසින් අයවැය චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් සමස්ත අතිකාල දිමනා හා වෙනත් දිමනා ගෙවිම් සදහා ඉකුත් වර්ෂයේ දි (2023) අනුමත ප්‍රතිපාදන ඉක්මවා සියයට 60.39ක් වැඩියෙන් වියදම් කොට තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වන්නේය.
රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුවේ සේවකයින් සදහා ඉකුත් වර්ෂයේ (2023) සහ මෙම වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාස දෙකද ඇතුළුව අතිකාල හා වෙනත් දිමනා ලෙස රුපියල් එකසියපනස්නමකෝටි,දශලක්ෂ හැත්තෑහය දහස්,අටසිය අනුපහක මුදලක් (1,591,076,895) ගෙවා තිබුණි. මෙම වර්ෂයේ (2024) ජනවාරි හා පෙබරවාරි මාස දෙක තුල අතිකාල හා වෙනත් දිමනා ලෙස රුපියල් දහතුන්කෝටි,තිස්හයලක්ෂ,දාසයදහස්,නමසියඅසුහතක මුදලක් (133,616,987) ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. 2023 වර්ෂයේ දි අතිකාල හා වෙනත් දිමනා ලෙස අයවැය මගින් රුපියල් අනුනමකෝටි, විසිලක්ෂයක (992,000,000) ප්‍රතිපාදන අනුමත කොට තිබුණි.
මුදල් අමාත්‍යංශය විසින් 2023 වර්ෂයේ ජනවාරි 27 වැනිදින නිකුත් කරණු ලැබු අයවැය චක්‍ර ලේඛය මගින් අතිකාල හා නිවාඩු දින වැටුප් සහ වෙනත් දිමනා සදහා ප්‍රතිපාදන අවම වශයෙන් සියයට හයකින් අඩුකළ යුතු බවට අවධාරණය කර තිබුණි.
එමෙන්ම ආයතන අධ්‍යක්ෂකගේ කිසිදු අනුමැතියක් තොරව මුද්‍රණ දේපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේ දි සිය සේවකයින් සදහා කෑලි ගණනට දිමනා ලෙස රුපියල් අසුඑක්කොටි,හතලිස්හතරලක්ෂ,හැත්තැහයදහස්,අටසියහැත්තැඑකක ( 814,476,871) මුදලක් ගෙවා තිබුණි. ආයතන අධJක්ෂකවරයා විසින් කෑලි ගණනට දිමනා ගෙවන ලෙද අනුමකකොට ඇත්තේ 2018 වර්ෂයට පමණක් බවද විගණන වාර්තාවේ සදහන් වේ. එමෙන්ම නිෂ්පාදන තත්ත්වය නගා සිටුවිම සදහා ගෙවනු ලබන දිමනා දැනට සේවකයෙකු ලබන වැටුපෙන් සියයට 65ක් වන සේ 2018 වර්ෂය දක්වා අනුමත කොට තිබුණි. එහෙත් රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුවේ සේවකයින් සදහා ඔවුන්ගේ මාසික වැටුපෙන් සියයට 65 ඉක්මවා සියයට 102 සිට සියයට 353 දක්වා විවිධ වර්ගයේ දිමනා මාසිකව ගෙවා තිබුණි. මුද්‍රණ දේපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරින්ට වාණිජ මුද්‍රණ දිමනාව ගෙවිමේ දි කොන්දෙසි තුනක් සපුරාලිය යුතු බවට අමාත්‍ය මණ්ඩල තිරණයේ දක්වා තිබුණි. එහෙත් 1998 වර්ෂයේ සිට මෙකි කොන්දෙසි තුන සපුරාගෙන නොතිබුණි.එහෙත් 2023 වර්ෂයේ දි මෙකි කොන්දෙසි සපුරාගෙන නොමැතිව වාණිජ මුද්‍රණ දිමනාව ලෙස රුපියල් එක් කෝටි,හැත්තැහතරලක්ෂ,විසිනමදහස්,දෙසිය හතලිස්හතරක මුදලක් (17,429,244) ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
. මේ රාජ්‍ය සේවකයින් මුදල් බෙදාගෙන තිබෙන ආකාරයයි.මේ අතර ඉකුත් සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානින් හමුවිය. එහිදි ජනාධිපතිවරයා සදහන් කොට ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ නාමයෝජනා අවලංගු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවය.නාමයෝජනා භාර දී වසරක් ගතවීමෙන් පසු නැවත ඡන්දය විමසීම පැවැත්විය නොහැකි බවත් නව අපේක්ෂකයින්ට ද අවස්ථාව ලබාදීමේ අරමුණින් එම පියවර ගැනීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කොට ඇත. ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බව ජනාධිපතිවරයා මෙම හමුවේ දි සදහන්කරණු ලැබිය.ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මුදල් වැයකළේ නම් අද වනවිට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකිව තිබූ බව ජනාධිපතිවරයා පවසා තිබුණි.
ජනාධිපතිවරයා සදහන් කරණ ආකාරයට නාම යෝජනා අවලංගු කොට කෙදිනක හෝ නැවත මැතිවරණයක් පැවැත්වුවහොත් මැතිවරණ කොමිසම් සභාව විසින් පළාත් පාලන මැතිවරණයේ කටයුතු සදහා දැනට වියදම් කොට ඇති කෝටි 65ක මුදල නිෂ්කාර්ය වියදමක් වනු ඇත.
ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබද ගාල්ල මාතර ,හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල උසස් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කිවේ මෙවැනි කථාවකි.
“මැතිවරණයේ දි විවිධ වරදාන, වරප්‍රසාද, පහසුකම් මෙන්ම විවිධාකාර දන්සල්, ක්‍රම මගින් විවිධ වු භාණ්ඩ බෙදාහැරිම් සදහා වියදම් කිරිම තුල අද වනවිට ඡන්දදායකයින් පාරිභෝගිකයින් බවට පත්කරගෙන තිබෙනවා .ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ක්‍රියාත්මක කරණවා.මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පළාත් සභා පාර්ලිමේන්තු පළාත් පාලන මැතිවරණ ආදී සියලු මැතිවරණයට මෙම වියදම් නියාමනය කිරීම අදාල වෙනවා. සමානුපාතික නියෝජනය ක්‍රමයත් සමග ඉදිරිපත් වෙච්ච මනාප ක්‍රමය තුල පක්ෂ පක්ෂ අතරට වඩා පක්ෂ අභ්‍යයන්තරයේ අපේක්ෂකයින් අතර තියෙන තරගය නිසාම අද සක්‍රීය පුරවැසියන්ගේ තියෙන හිඟතාවයත් එක්කම අපේ රටේ පුරවැසියෝ දැන් පාරිභෝගිකයෝ බවට පත්වෙලා තියෙනවා .
විවිධ වරදාන, වරප්‍රසාද, දන්සල්, උත්සව මගින් විවිධ වු භාණ්ඩ බෙදාහැරිම් වැනි කාරණා මැතිවරණයේ දි වියදම් කිරිම තුල අද වනවිට ඡන්දදායකයින් පාරිභෝගිකයින් බවට පත්කරගෙන තිබෙනවා. අපේ රටේ විදිමත් හා අවිදිමත් අධ්‍යාපනයක් ලැබිම තුල දේශපාලන සාක්ෂරතාවය නැංවීමේ අඩුපාඩුකම් නිසා මෙම උපක්‍රමවලට අපේ ඡන්දදායකයින් හසුවෙන්න පුළුවන් . ප්‍රජාතන්ත්‍රවාදි රටක තිබිය යුතු නියම ගුණංගවලට හානියක් වෙලා තියෙනවා. ඡන්දය දෙන ඡන්දදායකයා තමන්ගේ සභිකයින් තෝරා ගැනිමේ දි සත්‍ය වශයෙන් සලකා බලන කාරණා සියල්ල මේ වනවිට මුදල් භාවිතාකරමින් සිදුකරණ වරදාන වරප්‍රසාද වලට හිරවෙලා තියෙනවා. . මෙම තත්ත්වය වලක්වා ගැනිමට තමයි මැතිවරණ නියාමන වියදම් පනත ගෙනත් තිබෙන්නේ. මේ .තුලින් බලාපොරොත්තු වන්නේ තරගය සදහා ඉදිරිපත්වන සැම අපේක්ෂකයෙකුටම සම බිමක් සකස් කිරිමත් ඔවුන්ට මේ සදහා මුදල් ලැබෙන මුලාශ්‍ර හා වියදම් කරණු ලබන කාරණා පිළිබද නිශ්චිත අවබෝධයක් ලබා ගැනිම වගන්ති 10ක් තියෙන පුංචි පනතේ මේ රටේ දේශපාලන සංස්කෘතියේ ලොකු වෙනසක් කරන්න අවස්ථාව ලැබේවි යැයි “ද සමන් ශ්‍රි රත්නායක මහතා සදහන් කළේය..
සටහන – ලලිත් චාමින්ද








Leave a Reply