විදෙස් රටවල සැඟවී සිටිමින් මෙරට තුළ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ප්‍රබල සැකකරුවන් 93 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය (Interpol) හරහා ‘රතු නිවේදන’ (Red Notices) නිකුත් කර තිබෙනවා.
මේ බව අනාවරණය කළේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අද (13) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතායි.
එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ 2024 සහ 2025 වසරවල මෙන්ම මෙතෙක් ගතවූ කාලය තුළදී මෙම ජාත්‍යන්තර රතු නිවේදන උපයෝගී කරගනිමින් සැකකරුවන් 38 දෙනෙකු සාර්ථකව මෙරටට ගෙන්වා ගැනීමට හැකිවූ බවයි.
ඊට අමතරව, පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ විශේෂ මෙහෙයුම් මගින් තවත් ප්‍රමුඛ පෙළේ නමගිය අපරාධකරුවන් 35 දෙනෙකු මෙරටට රැගෙන ඒමට සමත්ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගන්නා ලද සැකකරුවන් විසින් නීති විරෝධී ලෙස උපයාගත් වාහන, නිවාස, රත්‍රන් සහ ඉඩම් ඇතුළු විශාල දේපොළ ප්‍රමාණයක් රාජසන්තක කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්ද දැනටමත් ක්‍රියාත්මකයි.
එම දේපොළ පවරාගැනීමේ ප්‍රගතිය පහත පරිදි වනවා:
2024 වසරේදී: රුපියල් මිලියන 1,490ක් වටිනා දේපොළ අක්‍රිය කිරීම.
2025 වසරේදී: රුපියල් මිලියන 1,549ක් වටිනා දේපොළ අක්‍රිය කිරීම.
2026 ජනවාරි 01 සිට මේ දක්වා: රුපියල් මිලියන 839ක දේපොළ රජයට පවරාගැනීමේ මූලික නීතිමය පියවර ගැනීම.
අපරාධකරුවන් සතු මෙම අතිවිශාල නීතිවිරෝධී වත්කම් සියල්ල ඉදිරියේදී පූර්ණ ලෙස රජය සතු කරගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රවේශයන් මේ වන විටත් අවසන් අදියරේ පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.







Leave a Reply