ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ඇතුළු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ ආපදා ප්‍රතිචාර වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
අරලියගහ මන්දිරයේදී පැවති මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා JICA ආයතනය දිගුකාලයක් පුරා ලබාදෙන සහාය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වනවා.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ජපාන රජය ලබාදුන් සහන සහාය සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරිය සිය ස්තූතිය පළ කර තිබෙනවා.
ආපදාවෙන් හානි වූ මහාමාර්ග සහ දුම්රිය මාර්ග ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා JICA ආයතනය ලබාදෙන සහාය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇති බව සඳහන්.
එමෙන්ම, ඉදිරියේදී ඇතිවිය හැකි ස්වාභාවික ආපදා සඳහා සූදානම් වීම, ආපදා අවදානම් අවම කිරීම සහ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද දෙපාර්ශ්වය අවධාරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සහ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර ණය සහන ඇතුළු විවිධ ආකාරයේ සහායන් හරහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදීමට JICA ආයතනය සූදානම් බව එහි නියෝජිත පිරිස සඳහන් කර ඇත.
සියලු දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීමේ අරමුණින් අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද JICA ආයතනය සූදානම් බව නියෝජිත පිරිස පෙන්වා දී තිබෙනවා.
මේ අතර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීම, ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම සහ ඩිජිටල් භූමිෂ්ඨ රූපවාහිනී ජාල ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.
මීට අමතරව, අපද්‍රව්‍ය කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබෙනවා.
එම ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනයට සහාය වීමේ වැදගත්කමද දෙපාර්ශ්වය අවධාරණය කර ඇති බව සඳහන්.







Leave a Reply