Loading...

වීරකැටියේ වෙඩි තැබීමක් – තරුණයෙකුට තුවාල

වීරකැටිය අග්‍රහැර ප්‍රදේශයේදී අද (14) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් 20 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, තරුණයාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ කලවා ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව සඳහන්.

තුවාල ලැබූ තරුණයා මුලින් වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති අතර, සිද්ධිය පිළිබඳව වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *