අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මේ මස අවසානයේදී සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ මේ බව නිවේදනය කර ඇති අතර, පවුලේ සාමාජිකයින් සහ දරුවන් සමඟ වැඩි කාලයක් ගත කිරීම සඳහා ලෙවිට් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් කර ඇත.
ලෙවිට්ගේ තීරණය අවබෝධ කරගන්නා බවත්, එයට ගරු කරන බවත් ට්‍රම්ප් පවසා තිබේ. එමෙන්ම ඉදිරියේදී ඇය තම ප්‍රධාන බාහිර උපදේශකවරියක ලෙස මෙන්ම රිපබ්ලිකන් පක්ෂය තුළ බලපෑම් සහගත හඬක් ලෙස කටයුතු කරනු ඇති බවටද ඔහු විශ්වාසය පළකර ඇති බව සඳහන්.
වයස අවුරුදු 28ක් වන කැරොලයින් ලෙවිට් පසුගිය වසරේදී ධවල මන්දිර ඉතිහාසයේ ලාබාලතම මාධ්‍ය ලේකම්වරිය ලෙස එම ධුරයට පත්විය.
මේ අතර, ඇයගෙන් පසු එම තනතුර සඳහා පත්වන්නේ කවුරුන්ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.
ලෙවිට් සිය ‘X’ ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, මව්පිය වගකීම් සහ පවුල වෙනුවෙන් වැඩි අවධානයක් ලබාදීම සඳහා ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.
දරුවන් දෙදෙනෙකු රැකබලා ගනිමින් ධවල මන්දිරයේ දැඩි වගකීම් සහිත ධුරයක් දැරීම තම ජීවිතයේ අභියෝගාත්මක අත්දැකීමක් වූ බවද ඇය සඳහන් කර තිබෙනවා.
ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී සහකාර මාධ්‍ය ලේකම්වරියක ලෙස කටයුතු කළ ලෙවිට්, පසුව කොංග්‍රස් මන්ත්‍රීවරියක වන එලිස් ස්ටෙෆනික්ගේ සන්නිවේදන අධ්‍යක්ෂවරිය ලෙසද සේවය කර ඇත.
2024 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ ඇය, ධුරය දැරූ කාලය තුළ මාධ්‍ය සමඟ දැඩි හා සෘජු සංවාදශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිලධාරිනියක ලෙසද අවධානයට ලක්විය.







Leave a Reply