Loading...

හිටිහැටියේ උඩයන පොල්තෙල් මිල

 වෙළදපොළ තුල පොල්තෙල් මිල හිටිහැටියේම  වැඩිවි තිබේ.මෙරටට පොල්තෙල් ආනයනය කරණු ලබන ආනයනයකරුවන් කිහිප දෙනෙකු විසින්  වෙළද පොළ තුල කෘතිමව පොල්තෙල් හිගයක් ඇතිකොට පොල්තෙල් මිල වැඩිකිරිම නිසා මෙම තත්ත්වය  උදාවි ඇති බවද පැවසේ. මේ වනවිට මෙරට පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තය කඩා වැටෙමින් තිබේ.. දේශිය  පාරිභෝජනයට අවශ්‍ය පොල්තෙල් මෙරට දි නිෂ්පාදනය කිරිමට  නොහැකිවි ඇත. ඒ නිසා පිටරටලින් පොල්තෙල් ආනයනය කිරිමට සිදුවි ඇත. පොල්තෙල් ආනයනකරුවන්ද  තමන්ට රිසිසේ  කිසිදු සිමාවකින් තොරව පොල්තෙල් ආනයනය කරති. වෙළදපොළේ පොල්තෙල් මිල තිරණය කරනු ලබන්නේ පොල්තෙල් ආනයනය කරණු ලබන ආනයනකරුවන් කිහිප දෙනෙකු විසිනි. ආනයනකරුවන් වෙළදපොළ තුල කෘතිමව පොල්තෙල් මිල හිගයක්  ඇතිකොට පොල්තෙල් මිල වැඩිකරති.

මිට සති කිහිපයකට පමණ ඉහතදි මෙරට  වෙළද පොළේ  භෞතිකව  පිරිපහදු කරණු ලැබු පොල්තෙල් කිලෝවක මිල පැවතියේ රුපියල්  570,590, ආදි මිල ගණන්වලටය.එහෙත් හිටිහැටියේම පොල්තෙල් කිලෝවක මිල රුපියල් 750 දක්වා වැඩිකිරිමට පොල්තෙල් ආනයනකරුවන් පියවරගනු ලැබිය. උදාහරණයක් වශයෙන් ගතහොත්  එක් බහාලුමක ධාරිතාවය පොල්තෙල් කිලෝග්‍රැම් 20000කි. මිල වැඩිකිරිමත් සමග ආනයනය කරණු ලබන එක් පොල්තෙල් බහාලුමකින් පොල්තෙල් ආනයනකරුවකු ලබා ඇති ලාභය රුපියල් ලක්ෂ 32කි.මෙකි මිල වැඩිකිරිම හමුවේ  අසරණ තත්ත්වයට පත්ව  ඇත්තේ පාරිභෝගිකයින්ය.පසුගිය කාලයේ දි මෙරටට ළුණු ආනයනයකරණු ලැබු ආනයනකරුවන් කිහිප දෙනෙකු ද මෙවැනි ජාවාරමක් සිදුකොට අධික ලාභයක් උපයාගනු ලැබිය. ළුණු වලට කරණු ලැබු වෙළදමාපියාව අදවනවිට පොල්තෙල් වලටද සිදුකොට ඇත. මෙකි ජාවාරම්කරුවන් ගැන සොයා බැලිමට කිසිවෙක් නැත. පොල්තෙල් මිල වැඩිකිරිම හමුවේ පාරිභෝගික අධිකාරිය මෙන්ම පොල් සංවර්ධන  මණ්ඩලයද නිහඩය.

 පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදකයින් පවසන ආකාරයට  ඇත්තටම වෙළද පොළේ පොල්තෙල් හිගයක් නැත.එසේනම් පිරිපහදු කරණු ලැබු පොල්තෙල් මිල හිටිහැටියේම වැඩිවුයේ ඇයි? මුදල් ආර්ථික  ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති  අමාත්‍යංශය විසින්  2023 වර්ෂයට අදලාව නිකුත්කොට ඇති වාර්ෂික  වාර්තාවට අනුව ඉකුත් වර්ෂයේ දි මෙරටට ආහාර පිසිම සදහා ආනයනය කරණු ලැබු පොල් තෙල්  ප්‍රමාණය සියයට 130කින්  වර්ධනය වි ඇත. මෙකි වාර්තාවට අනුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පොල්තෙල් ආනයනය කොට ඇත.එසේනම් පොල්තෙල් හිගයක් වෙළදපොළ තුල ඇතිවිය නොහැක. නැව්ගාස්තු  හා රක්ෂණ ගාස්තු සිව් ගුණයකින් වැඩිවිම නිසා   ආනයන වියදම වැඩිවිමෙන් පොල්තෙල් මිල වැඩිකිරිමට  සිදුවි ඇති බවට ආනයනකරුවන් පෙන්වා දෙති.එසේ නම් පොල්තෙල් පමණක් නොව  අල,ළුණු,පරිප්පු මිලද වැඩිවිය යුතුය.

 .වෙළද, වාණිජ්‍ය සහ ආහාර සුරක්ෂිතතා ඇමති නලින් ප්‍රනාන්දු මහතා පොල්තෙල් මිල ඉහලයාම පිළිබද මාධ්‍යයට සදහන්කොට තිබුණේ  ආනයනික පොල්තෙල් තොග ප්‍රමාණවත් පරිද  නොතිබිම නිසා පොල්තෙල් මිල වැඩිවි ඇති බවය. පොල්තෙල් තොග ආනයනය කළත්  එම තොග මේ වනතෙක් ලැබි නොතිබිම නිසා පොල්තෙල් නැවක් එනතුරු  මෙම ගැටළුව සතියක දෙකක පමණ කාලයක් පවතින බවය.

 එහෙත් කොවිඩි වසංගත කාලයේ දි  අනිකුත් භාණ්ඩ මෙන් මෙරටට  පොල්තෙල් ආනයනය කිරිමද සිමාකොට තිබුණි.එහෙත් රටතුල පොල්තෙල් හිගයක් ඇති නොවිය.ඒ විතරක් නොව  පොල්තෙල් මිල වැඩිවුයේ ද නැත. දේශිය  පොල්තෙල් නිෂ්පාදනයෙන්   මෙරට පාරිභෝගිකයින් පොල්තෙල් අවශ්‍යතාවය සපුරාගෙන තිබුණි.   

 දේශිය වශයෙන් පොල්තෙල් නිෂ්පාදනය ඉහල නැංවිම සදහා පොල් සංවර්ධන අධිකාරියේ මැදිහත්විමද අවම මට්ටමක පවති. . පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදකයින්ට පොල්තෙල් ආනයනයකරුවන් සමග තරගකිරිමට ද  හැකියාවන් නැත. අමුද්‍රව්‍ය හිගකම, ආදි ගැටළු නිසා පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදන කරුවන්ද ගැටළු රැසකට ලක්ව ඇත. පාරම්පාරික පොල්තෙල් කර්මාන්තකරුවන් නගා සිටුවිමට ද කිසිදු වැඩපිළිවෙළක් නැත.මෙරට පාරම්පාරික පොල්තෙල්  නිෂ්පාදකයින් 2000කට ආසන්න පිරිසක්  සිටියත් දැනට මෙම කර්මාන්තයේ සක්‍රිය ලෙස නිරතව සිටින්නේ  500කටත් අඩු පිරිසකි.

මෙරට පොල්තෙල් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ  දි ( 2023)  සියයට 53.1කින් සැලකිය යුතු ලෙස පහත වැටි  තිබුණි. 2023 වර්ෂයේ දි  නිෂ්පාදනය කොට ඇත්තේ පොල්තෙල්  මෙට්‍රික්ටොන්  22546කි.  2022 වර්ෂයේ දි පොල්තෙල් මෙට්‍රික් ටොන්  48,069ක් නිෂ්පාදනය කොට තිබුණි.ඒ අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වාර්ෂයේ දි පොල්තෙල් නිෂ්පාදනය  මෙට්‍රික්ටොන් 25,523කින් අඩුවි ඇත. ඉකුත් වර්ෂයේ පොල්ගෙඩි නිෂ්පාදනයද සියයට 6.5කින් අඩුවි තිබුණි. 2022 වර්ෂයේ පොල්ගෙඩි මිලියන 3,391ක් නිෂ්පාදනය කොටතිබු  අතර2023 වර්ෂයේ දි පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3170දක්වා  පහත වැටි ඇත. වසර දෙකක පමණකාලයක සිට  පොහොර යෙදිම සිමා කිරිම නිසා  ශාක සදහා  ප්‍රමාණවත් පෝෂණයක් නොලැබිම හේතුවෙන් පොල් නිෂ්පාදනය අඩුවි ඇති බව . මුදල් ආර්ථික  ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති  අමාත්‍යංශය විසින්  නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ.

 මේ පිළිබද මෙරට පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදකයකු වන  තුෂාර නිලන්ජිත් විජයන්ත මහතා කිවේ මෙවැනි කථාවකි.

” මෙරට වෙළද පොළේ පොල්තෙල් හිගයක් නැහැ. ආනයනකරුවන් කිහිප දෙනෙකු විසින් වෙළදපොළ තුල පොල්තෙල් හිගයක් මවාපාලා පොල්තෙල් මිල වැඩිකරලා තියෙනවා. රටේ පොල්තෙල් අවශ්‍යතාවය ආනයනය කළ යුතු පොල්තෙල් ප්‍රමාණය පිළිබද කිසිදු දත්තයක් නැහැ. ආනයනකරුවන්ගේ තෙල් ගබඩා පරික්ෂාකරන්නේ නැහැ. එම ගබඩාවල තොරතුරු ලබා ගන්නේ නැහැ. රජයට පොල්තෙල් ආනයනය කිරිම තුලින් පොල්තෙල් කිලෝවකින් රුපියල් 120ක් ලැබෙනවා.පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරිමෙන්  මෙරටට ඩොලර් උපයාගන්න බව කියනවා. නමුත් පොල්තෙල් ආනයනය කිරිමට වියදම්වල මුදල ගැන කියන්නේ නැහැ. පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදකයින්ට සහන ලබාදිලා  එම කර්මාන්තය නගා සිටුවිමට පියවරගත යුතුයි.   අමුද්‍රව්‍ය හිගය තමයි පාරම්පාරික පොල්තෙල් කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුව.  අපේ රටට වඩා වෙනත් රටවල පොල් මිල අඩුයි. වියලි පොල් හා පොල්මද ඝානාව වගේ රටවලින් ආනයකරලා  දෙන්න පුළුවන්. නමුත් එහෙම වැඩපිළිවෙළක් නැහැ. අනික් කාරණය තමයි පාරිභෝගිකයින් තුලද වැරදි වැටහිමක් තියෙනවා දේශිය පොල්තෙල් ගැන. ඔවුන්  අපෙන්  ඇවිත් එළවළු තෙල් ඉල්ලනවා. ලෝකයේ කොයි රටකවත් එළවළු වලින් තෙල් හදන්නේ නැහැ. බොතල්වල එළවළු ගස් ටිකක් නැතිනම් පොල්බෑ දෙකක් ඇදලා  එළවළු තෙල් කියලා අලෙවි කරණවා. මෙවායේ තියෙන්නේ පිරිපහදු කරපු තෙල්. ඇත්තටම  පාරම්පාරික පොල්තෙල් කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙනවානම් පොල්තෙල් රටට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය කරන්න පුළුවන් යැයි “ද  හෙතෙම සදහන් කළේය.

 මේ ගැටළුවට විසදුමක් ලෙස මෙරටදී පොල්තෙල් පිරිපහදු කරණ නිෂ්පාදකයින් සදහා  යම් සහනයක් ලබාදීම සම්බන්ධව සාකච්ඡා කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරට දැනුම් දී තිබේ..පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කිරීමේදී වරායේදී ගෙවන බදු මුදලට අමතරව, රට තුළදී පොල්තෙල් පිරිපහදු කිරීමෙන් පසුව ද වැට් බදු ගෙවීමට සිදුවීම නිසා පොල්තෙල් පිරිපහදු කර්මාන්තශාලා වැසීයාමේ අවදානමකට ලක්ව තිබෙන බවට පොල්තෙල් පිරිපහදු කරණ නිෂ්පාදකයින් පෙන්වා දි තිබුණි. , මේ නිසා   මෙම කර්මාන්තයේ සේවයේ නියුතු 15,000 කට පමණ පිරිසකට  රැකියා අහිමිවීමේ තත්ත්වයක් උද්ගතව තිබෙන බව ඇමැති මහින්ද අමරවීර කැබිනට් මණ්ඩලයට දැනුම් දි තිබුණි.මෙලෙස බදු මුදල් වැඩියෙන් අය කිරීම වෙළෙදපොළේ පොල්තෙල් මිල ඉහළ යාමට බලපා ඇතැයි ද ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයේදී සඳහන් කොට ඇත..

 පොල් සංවර්ධන අධිකාරියේ සභාපති රොෂාන් පෙරේරා මහතාගෙන් මේ පිළිබදව අප කළ විමසුමකදි මෙසේ කිවේය.

“පොල්තෙල් ආනයනය කිරිමේ බලතල අපිට තවම ලබාදිලා නැහැ. පොල්තෙල් වල ප්‍රමිතිය පරික්ෂාකිරිමේ කටයුතු අපේ ආයතනය මගින් සිදුකරණවා.මෙරට පිරිපහදු කරන පොල්තෙල්වලට සහ දේශීය කර්මාන්තකරුවන් නිපදවන පොල්තෙල් සඳහා සියයට 18 වැට් බදු නියමකර තිබීම නිසා පොල්තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා..නමුත් පිරිපහදු කරණු ලැබු පොල්තෙල්  ආනයනකරුවන්ට  එම වැට් එක වදින්නේ නැහැ.  මේ නිසා මිල නියාමනය කරගැනිමත් අමාරුයි. මෙරට පොල් සම්බන්ද කටයුතු කරණ පිරිපහදු නමයක් තියෙනවා. ඒ අයගේ කාර්යක්ෂමතාවයේ අඩුවක් තිබුනහොත් තෙල් හිගයක් ඇතිවෙනවා. මෙම පරිපහදු නමයේම මහාපරිමානයෙන් තෙල්පිරිපහදු කරණ අය. පොල්තෙල් මෙට්‍රික්ටොන් 240000ක් විතර  රටට අවශ්‍යයි. එක විශාල ප්‍රමාණයක්.  ඔනැම අයෙකුට තෙල් ආනයනය කරන්න පුළුවන්. පොල් සංවර්ධන අධිකාරියට තවම නියාමන බලතල ලබාදිලා නැහැ. පොල්තෙල් ආනයනය පිළිබද උපදෙස් ලබාදෙන්න අපිට බලතල නැහැ. මාස දෙක තුනකටවත්  අවශ්‍යවන ආකාරයට පොල්තෙල් ගබඩා කරලා තියාගන්න කියලා පිරිපහදු කරණ අයට  අපි උපදෙස් දිලා තියෙනවා. පාරිභෝගිකයින්ට  අසාධාරණයන් නොවන පරදි කටයුතු කිරිම සදහා. පොල්තෙල් වැඩි ප්‍රමණයක් ආනයනය කරලා තියෙනවා.එවා රට තුල තියෙනවා.මේක නියාමනය කරන්න කියලා අපි පාරිභෝගික අධිකාරියට දැනුම් දිලා තියෙනවා. තෙල් මිල පාලනය කිරිම සදහා ඉල්ලුම හා සැපයුම අතර යම් ස්ථාවරතත්වයක් හදා ගන්න ඕන.දැන් නම් තෙල්මිල ටිකක් අඩුවෙලා තියෙන්නේ යැයි “ද පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සදහන් කළේය.

සටහන – ලලිත් චාමින්ද


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *